Tuesday, April 24, 2012

හුදකලාවෙ තනි නොවුන වංගු දහය


                    සෑහෙන දවසකට පස්සේ යන එන තැන් ගැන කියන්න ආවත් බතලේගල ගමනින් පස්සේ එක දිගටම වාගේ ට්‍රිප් යන්න හම්බවුනා...ඒ දේවල් ගැන ලියන්න බැරි උනේ ඒ දවස්වල තිබුන කාර්යබහුලත්වය වැඩි හින්දයි...ඒ සුන්දර මතකයන් පුලු පුලුවන් විදිහට බොලොග් අවකාශයට අරන් එන්න මම උත්සාහ කරන්නම්...කැමති කෙනෙක්ට කිරිගල්පොත්ත නැගපු හැටි.... ,  Great memories of GREAT WESTERN Hike සහ  Beauty of GREAT WESTERN ,  මහඑළිය සොබා සැරිය... වගේ ෆේස් බුක් පොටෝ ඇල්බම් වලින් ඒ මතකයන් දැක බලාගන්න පුලුවන්....මේ සංචාර/ කදු නැගිම් බොහොම සුන්දරයි..ලියන්න දේවල් පිටු ගනන් තියෙනවා ඒත් අද මම ඒ දෙවල් ගැන නෙමෙයි ලියන්න යන්නේ ගොඩක් අය අහලාවත් නැති '' වංගු දහය'' ගැන තමයි අද ''යන එන තැන්...'' වෙන් කරන්නේ...
                    මහනුවර ඉදන් මහියංගන බලා දිවෙන දහ අට වංගු මාර්ගය ගැන ගොඩක් අය අහලා තියෙනවා වගේම ඒ වංගු දහ අට පසු කරගෙන ගමන් කරලත් ඇති ඒත් කවදා හරි  වංගු දහය මාර්ගය ගැන ඔබ අහලා තියෙනවද? මම නම් මෙහෙම දෙයක් ගැන අහලාවත් තිබුනේ නෑ ..අවුරුදු නිවාඩුවට මගේ හොදම යාලුවෙක්ගේ ගමේ ඒ කියන්නේ රක්වාන යන්න මට පුලුවන් උනා..රක්වාන රත්නපුරයට ආසන්න නගරයක් කියලා දැන ගෙන හිටියත් කවදාවත් ගිහින් තිබුනේ නම් නෑ..
                    රක්වාන යෑමේ මගේ අරමුණ වුනේ රක්වාන පැත්තෙන් සිංහරාජ කැලේ බලන්න යන එකයි..කොළඹ ඉදන් රක්වාන යන කෙනෙක් A18 මාර්ගයේ ගිහින් මාදම්පේ හන්දියෙන් A17 මාර්ගයේ යන්න ඕන..A17 කියන්නේ මාදම්පේ ,රක්වාන, දෙනියාය හරහා ගාල්ලට ඇති සුන්දර මාර්ගයයි..මට මේ මාර්ගයේ මාදම්පේ ඉදන් සූරියකන්ද දක්වා කොටස බලාගන්න රක්වාන ගමනේදී පුලුවන් උනා...සිංහරාජ ආරණ්‍ය සේනාසනය , හිමිදිරි පෙදෙස ( Morning Side) බලන්න යන කෙනෙක්ට මාදම්පේ ඉදන් ගමන් කරන්න වෙන්නේ මෙන්න මේ A17 මාර්ගයෙයි...මේ ගමනේදි හිමිදිරි පෙදෙස බලාගැනීමට තරම් මා වාසනාවන්ත නොවුනත් නොසිතු පරිදි සිංහරාජ වනාන්තරයේ සුන්දර ඉසව්වක් බලන්නට තරම් මා වාසනාවන්ත වුනා...ඒ ගමනේදි අපිට හමු වු සුන්දර හුදකලා වංගු දහය තමයි මේ..........

A17 මාර්ගයේ රක්වාන සහ සූරියකන්ද අතර හමුවන වංගු දහය

                    රක්වාන ඉදන් සූරියකන්ද දක්වා වු මාර්ගය ඇත්තටම සුන්දරයි...හතරවටින් වට වු උස්වු කදු පන්ති අතරින් දිවෙන මාර්ගය විටක තේ වතු මැදින් ද විටක ඝන කැලෑව මැදින්ද වැටී තිබුනා...ඇත්තම කිව්වොත් මේ මාර්ගය ඔස්සේ ගමන රියදුරන්ටනම් එතරම් ලේසි පහසු කාර්යක් නොවන බව කිවයුතුමයි.. අසීරු වැලමිට වංගු දහයට අමතරව කුඩා වංගු විශාල ප්‍රමාණයකින් මාර්ගය සමන්විත වෙනවා....වංගු දහය පිහිටා තිබෙන පෙදෙස කිසිදු මිනිස් වාසයක් නොමැති හුදකලා කැලැ පෙදෙසක් හරහා වැටී තිබෙනවා..රාත්‍රී කාලයේදි මේ පෙදෙසේ කිසිදු ආලෝකයක් නොමැති බවද පැවසිය යුතුමයි....


වංගු දහය සහිත රක්වාන සූරියකන්ද කොටස....

වංගු දහය 
   
      ඔන්න එහෙනම් අපි දැන් වංගු දහය බහින්නයි ලැහැස්තිය..කට්ටියම සීට් බෙල්ට් දාගෙන ලැහැස්ති වෙනව හොදයි :) :)


දසවන වංගුව




නමවන වංගුව



අටවන වංගුව

ගාල්ලේ සිට කි.මි 120 දුරින්....



හත්වන වංගුව




හයවන වංගුව





පස්වන වංගුව


හතරවන වංගුව


තුන්වන වංගුව

මහන්සිද? එහෙනම් මෙන්න කියාපු තැන....

තෙවැනි වංගුව අසලින් ගලායන සුන්දර දිය දහර....

දෙවැනි වංගුව




පලමුවන වංගුව





       ම්ම්ම් කොහොමද දැනෙන්නේ? මම හිතනවා සුන්දර අත්දැකීමක් වෙන්න ඇති කියලා...මට නම් ඇත්තටම මේක සුන්දර අත්දැකීමක් උනා...වෙනසකටත් එක්ක මේ වගේ පාරකත් දවසක ගිහින් බලන්න..සිංහරාජ ආරණ්‍ය වගේම ඉතාම සුන්දර හිමිදිරි පෙදෙසත් නරඹලා එන්න අමතක කරන්න එපා....හැබැයි ඉතාම පරිස්සමින් රිය පැදවීමට වගේම රාත්‍රී කාලයේ මේ ඉසව්වේ ගමන් නොකිරීමටත් මතක තබා ගැනීම සෑහෙන වැදගත්......

(කතෘ අයිතිය සුරකින්න...අවසරයකින් තොරව කිසිවක් උපුටා ගැනීම තහනම්.)

                       ***පරිසරය සුරකින්න..පරිසරය ඔබ සුරකිනු ඇත.***

17 comments:

  1. නියමයි! යන්න ඔනේ දවසක :D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුවා.....අනිවාර්යයෙන්ම ගිහින් බලන්න.වෙනස්ම අත්දැකීමක් වෙයි....

      Delete
  2. නියමයි මචං..ලස්සනට තියෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ඔව් බන් පට්ට ලස්සනයි...ෆොටෝ ටික නම් මෙලෝ රහක් නැතුව ඇති..... බයික් එකේ යන ගමන් බන් සමහර එව්වා ගත්තේ....මම තනියෙන් ගියානම් ඒරියා එකම කවර් කරනව ....වට් ටු ඩු...උබට ගොඩක් හයික් වලදි ඇතිවුන ප්‍රශ්නය මට මෙතනදි ඇතිවුනා බන්.....

      Delete
  3. මෙන්න මූ අපිටත් නොකියම ගිහින්.....
    එල එල...

    ReplyDelete
    Replies
    1. උබලවත් එක්ක යන්න තිබ්බනම් කියලා මටත් හිතුනා බන්...ඒත් ඉතින් වට් ටු ඩු යාලුවෙක්ගේ ගෙදරනේ බන් ගියේ....මෝර්නින් සයිඩ් බලන්න ආයෙ දවසක යමු සෙට් එකම...

      Delete
  4. ලස්සනයි අයියේ.. පට්ටම ලස්සනයි.. මමත් අනිවාර්යෙන් යන්න මතක තියාගත්තා... ඒත් බ්ලොග් එක ෆලෝව් කරන්න ලේසි විදියක් තිබ්බනම්... අනිත් බ්ලොග් වල වගේ... ඒ ගැජට් එක දැම්මොත් හොඳයි වගේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මල්ලි.....ඔන්න මම කමෙන්ට් කරන්න ෆලෝ කරන්න ලේසි විදිහට සෙටිංස් වෙනස් කලා..

      Delete
  5. Replies
    1. :D :D ස්තුති වේවා මචන්...

      Delete
  6. 18 ගිහින් තිබ්බට මේ වංගු 10 ගැන ඇහුවමයි. ලස්සන පරිසරයක්. සිංහරාජ වනන්තරේට යන්න හිතාගෙන හිටියත් ඒ ආශාව නම් තවම ඉටු කරගන්න බැරි උනා, බලමු,

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම මේ පරිසරය ගොඩක් ලස්සනයි..මිනිසුන්ගෙන් තොරව හුදකලා උන සුන්දර ඉසව්වක්..සිංහරාජයට ඇතුල්වීම තියෙන්නේ මේ සුරියකන්ද පැත්තෙන් නම් නෙමෙයි..අපි සිංහරාජ බලන්න හිතාන ගියාට සිංහරාජ ආරණ්‍ය සේනාසනයෙන් කැලැව ඇතුලට යන්න අවසර දෙන් නෑ..ඒක නිසා සිංහරාජ බලන්න යනවනම් මේ පැත්තෙන් යන්න එපා..මේ ගමනේදි සිංහරාජ ආරණ්‍ය සේනාසනය වැද පුදා ගෙන සුරියකන්ද කිට්ටුව තියෙන මෝර්නින් සයිඩ් (මට නම් යන්න බැරි උනා ඒ පැත්තේ අය කියපු විදිහටනම් සුරියකන්දෙ තියෙන ලස්සනම තැන....) එකත් බලාගෙන වංගු දහයේ එන්න පුලුවන්...

      Delete
  7. මාත් බොහොම ආසයි මේ වගේ සෞන්දර්යය විඳිමින් සංචාරය කරන්න.. මේ පැත්තේ ආවේ අද!
    දිගට ම එන්න බලන්නම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාලුවා...දිගටම එන්න... හැමදාම පෝස්ට් දාන්න බැරිඋනත් පුලු පුලුවන් වෙලාවට ලංකාවෙ ලස්සනම තැන් ගැන විස්තර අරන් එන්න මම උත්සාහ කරන්නම්..

      Delete
  8. නියමයි. මමත් ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ ඔය පාරේ බයික් එකේ ගියා. මම නුවරඑළියේ ඉඳන් ගාල්ලට බයික් එකේ ආවා. මුළු ට්‍රිප් එකේ මම ආසම ටික තමයි රක්වාන ඉඳල සූරියකන්ද දක්වා කොටස. ජීවිතේ කවදාවත් අමතක නොවන අත්දැකීමක්. ඔයාගේ ෆොටෝ ටික නිසා ඒ මතකය අලුත් උනා. බොහොම ස්තුතියි. මම හිතාගෙන ඉන්නවා ඉස්සරහට මගේ බ්ලොග් එකේ මගේ අත්දැකීමත් සටහන් කරන්න. ලක්දසුන් වෙබ් අඩවියට නම් මම මගේ අත්දැකීම ලිව්වා.

    ReplyDelete
    Replies
    1. අපි රක්වානෙ ගිය දවසේ හොදටම වැස්ස.මාදම්පේට එනකොට ඒ හරියට වැහැලා සම්පුර්ණයෙන්ම පායලා..ඒ වෙනකොට වෙලාව හවස 5ට විතර ඇති...මාදම්පේ පහුකරලා ටික දුරක් ගියහම ඒ වෙලාවෙ ඒ ඉසව්වේ පරිසරයේ තිබුන චමත්කාරය මම නුවරඑළියේදිවත් අත් විදලා නෑ...ඇගට අමුතුම සනිපයක් දැනුනේ..නුවරඑළියේ වගේ සීතල නැතිවුනත් ඒ වෙලාවෙ ඇගට දැනුන සිතල මම ජීවිතයටම විදලා තිබ්බේ නෑ...මේ ඉසව්ව පුදුමාකාර සුන්දරත්යවයක් සගවාගෙන රහසේ ඉන්නවා නේද කියලා මට හිතුනා...ඔයාගේ බොලොග් එක පැත්තෙත් මම ගියා.දිගටම ලියන්න...සංචාර සටහන් ලියන අය ඉතාම අතලොස්සක් තමයි බොලොග් අවකාශයේ ඉන්නේ...මමත් ලක්දසුන් වෙබ් අඩවියේ ඉන්නවා..සංචාර සටහන් ලියලා නම් නෑ තවම....

      Delete
  9. අපූරුයි මමත් ගියා දවසක් ඔය පාරේ. ඒත් ඒ හිමිදිරි පෙදෙසට. න වෙලාවේ මෙතන නැතුනේ නැහැ කාලයේ මදි කමක් නිසා.‍ මෙන්න හිමිදිරි පෙදෙසේ සටහන.
    http://sulakkhana.blogspot.com/2013/04/blog-post.html

    ReplyDelete