පුංචි කාලේ මම වැඩියෙන්ම ගිහින් තිබ්බේ බදුලු කිව්වොත් කෙනෙක් අහයි කවුද බදුල්ලේ ඉන්නේ කියලා. ඇත්තම කිව්වොත් මගේ කිසිම කෙනෙක් බදුල්ලේ නෑ. තාත්තා දුම්රිය දෙපාර්තමේනතුවේ වැඩ කරපු නිසා අපිට ඕනම දුම්රියක නොමිලයේ ට්‍රිප් යන්න නිදහස් ප්‍රවේශ පත්‍ර හම්බුනා. අපි හැම ඉස්කෝල නිවාඩුවටම කලේ බදුලු ගිය එකයි.ඔය ගමනේදි මම ගොඩාක් ආස කලේ නැරඹුම් මැදිරියේ ඉස්සරහට වෙලා ග්‍රේට් වෙස්ටර්න් කදු වැටිය නොපෙනී යනකම් ඒ දිහා බලාගෙන ඉන්නයි. මම ඒකට අදත් ආසයි. මාත් එක්ක ට්‍රිප් ගිය උන් දන්නවා ග්‍රේට් වෙස්ටර්න් කදු වැටියට මම කොච්චර ඇල්මක් දක්වනවද කියලා. මම හීනෙකින් වත් හිතුවේ නෑ ග්‍රේට් වෙස්ටර්න් නගින්න පුලුවන් කන්දක් කියලා. අංශක 90 ක විතර දළ බෑවුමක් එක්ක තමයි එක එල්ලේ කන්ද අපිට පේන්නේ.. මට කදු නගින පිස්සුව ඇති වුනේ කොහොමද කියලා මම තාම ඔයාලට කියලා නෑනේ නේද? ඒක වුනේ මෙන්න මෙහෙමයි, ඔයාල සමහරු දන්නවා ඇති පොඩි මහත්තයාව, අපි එකම ඉස්කොලේ ඉගෙනගත්ත එකම ගමේ ඉන්න හොද යාලුවෝ. මමයි පොඩියි තව අපේ යාලුවෝ කිහිපදෙනකුයි එකතු වෙලා ගියා අලගල්ල නගින්න ඒ ගමනේදි මට ලැබුන අත්දැකීම් මගේ ජීවිතය නව මානයකට අරන් ගියා.කදු නගින පිස්සුව හැදුනේ එදා තමයි, ඒ ගැන කියන්න දේවල් ගොඩාක් තියෙනවා ඊලග පෝස්ට් එකෙන් අලගල්ල නැගපු හැටි කියන්නම්.
අද කතාව ග්‍රේට් වෙස්ටර්න් නැගපු හැටිනේ ඉතින් මම මුලින් කිව්ව විදිහට මම හිතන් හිටයේ ග්‍රේට් වෙස්ටර්න් කියන්නේ නගින්න බැරි කන්දක් කියලනේ ඒත් අපි කිරිගල්පොත්ත නැගලා ආපහු එන ගමනේදි කොච්චියේදි හම්බවුන කට්ටියක් කිව්වා එයාල ග්‍රේට් වෙස්ටර්න් කන්ද නැගලා තියෙනවා කියලා. මට ඒ කතාව එක පාරටම විශ්වාස කරන්න බැරි දෙයක් උනා. මම ගෙදර එනකම්ම හිත හිත ආවෙ මේ කන්ද නගින්න පුලුවන් නම් ඒක කොහාම හරි නගින්න ඕන කියලයි. ගෙදර ආපු ගමන් කලේ නෙට් එකේ ග්‍රේට් වෙස්ටර්න් කියලා ගුග්ල් සර්ච් එකක් කරපු එකයි. මාව පුදුම කරමින් Lakdasun වෙබ් අඩවියේ මේ ගැන සංචාරක සටහනක් තිබ්බා. මේ සටහන කියවලා එතනින් එහාට මේ ගැන විස්තර හොයාගන්න මේ සටහන ලියපු අශාන්ගෙන් ගොඩාක් උදව් හම්බවුනා. ඒ වගේම නඩේ ගුරා පරිසර සංවිධානයේ සභාපති දිනේෂ් ඩෙකර් ගෙනුත් ලොකු සහයක් මේ ගමන සැලසුම් කිරිමේදි මට ලැබුනා. මේ ගමන යම් මට්ටමක අපහසු , අනතුරුදායක කදු නැගීමක් කියලා අපි මුල ඉදන්ම දැනගෙන හිටිය නිසා හොද සැලැස්මක් අනිවාර්ය වුනා. ඒ නිසා අශාන් හා දිනේෂ්ගෙන් ලද සහයට ඔවුන් දෙදෙනාට මම ස්තුතිවන්ත වෙනවා.
ගමනට යන්න මගේ යාලුවෝ 4ක් එකතු වුනා. දුලියා , විරාජ්, කාවින්ද, විදුරංග තමයි අපේ කණ්ඩායම. විරාජ්ගේ අයියගේ හොදම යාලුවා ග්‍රේට් වෙස්ටර්න් වතු යායේ එක් කොටසක වතු අධිකාරි කෙනෙක් විදහට වැඩ කරනවා.ඉතින් එයා අපිට උදව් කලා කන්ද නගින්න යන්න ගයිඩ් කෙනෙක් දෙන්න. කෝකටත් කියලා අපි තව ගයිඩ් කෙනෙක් ලැහැස්ති කරලා තියාගත්තා මොකද සේරම ලැහැස්ති කරලා ගයිඩ්ගේ ප්‍රශ්නයක් ආවොත් හෙම සැලසුම් සේරම වතුරේ නිසා. හැමදෙයක්ම සුදානම් කරගෙන ඔන්න අපි ගමනට දිනයක් දාගත්තා.
ගමන යන්න යොදාගත්ත දවසත් ආවා. මමයි දුලියයි කාවින්දයි කොටුව ස්ටේෂන් එකේදි හමබවෙන්නත් පේරාදෙනියෙන් අනිත් දෙන්නව ගන්නත් තමයි අපේ සැලසුම. ගමනට ඕන කරන කෑම බීම සේරම ගන්න හිටයේ කොටුවෙන්. අපි තුන් දෙනා හවස 6 විතර වෙද්දි කොටුවෙදි හම්බවෙලා දුලියා ගෙනාපු කෑම 2කුත් කාලා ලහි ලහියේ ලැහැස්ති වුනා අඩුම කුඩුම ටික අරගන්න ෆුඩ් සිටි යන්න. අපේ වෙලාව කොච්චර හොදද කියනවනම් එදා ෆුඩ් සිටි එක වහලා. අහලා පහල ඉන්න කට්ටියගෙන් සුපර් මාකට් එකක් ගැන ඇහුවම එයාල කිව්වේ යුනියන් ප්ලේස් වෙනකන් ආයේ සුපර් මාකට් නෑ කියලයි. කරන්න දෙයක් නැති තැන සුපර් මාකට් හොයන වැඩේ අතහැරලා අවශ්‍ය බඩු ටික ගන්න පුලුවන් පොඩි පහේ කඩයක් හොයාගෙන අපි කොටුව පිරූවා..ලංකාවේ අගනගරය කොටුවෙන් පාන් ගෙඩියක් හොයාගන්න එදා අපිට පැයක් තිස්සේ මහන්සිවෙලා බැරි උනා. රෙදි කඩ අස්සේ කරක් ගහලා බැරිම තැන යන්තම් 7 වෙද්දි අපි කොටුව ස්ටේෂන් එක ගාවට ආවේ ටොපියක් වත් අරගෙන නෙමෙයි. විරාජ්ට කෝල් කරලා පාන් නුවරින් ගන්න කියලා අපි ගියා ස්ටේෂන් එක ඉස්සරහා කඩේට. එතනින් චොකලට්, ප්ලාස්ටර්, ගිනිපෙට්ටි වගේ දේවල් ටික අරගත්තත් කිරි බෝතල් ටික ගන්න වැඩේ කරගන්න බැරි උනා. තියෙන බඩු ටිකත් අරගෙන ඉක්මනට ස්ටේෂන් එක ඇතුලට ආවා. ඒ වෙනකොට බදුල්ල නයිට් මේල් එක වේදිකාවට ඇවිත් තිබුනේ නැ. අපි තුන්වන පන්තියෙ ප්‍රවේශ පත්‍ර අරගෙන තිබුනේ, ඒත් කලින් පුරුද්දට වගේ මම කට්ටියත් එක්ක හිටියේ දෙවැනි පන්තියේ නිදන මැදිරි නවත්තන හරියේ. කෝච්චිය ලගට ආපුහම තමයි මට මතක් උනා අපේ උන් ටිකට තියෙන්නේ තුන්වැනි පන්තියෙ ටිකට්නෙ කියලා. පුලුවන් ඉක්මනට වේදිකාවේ ඉස්සරහට දුවගෙන ගියත් ඒ වෙනකොට තුන්වැනි පන්තියේ ෆුට්බෝඩ් එකත් බුක් වී අවසානයි. යන්තම් පැනලා ෆුට් බෝඩ් එකක් අල්ලගෙන එතන ඉදගන්නට දුලියයි කාවින්දටයි පුලුවන් උනා. මම වෙනදා වගේම වවුලා වගේ එල්ලි ගමන් කරන්නට තිරණය කලා. හරියටම රාත්‍රී 8ට අපි කොටුවෙන් පිටත් වුනා. පොල්ගහවෙලට කිට්ටුවෙන්න ඔන්න මෙන්න තියලා කාවින්දගේ ෆෝන් එක අත ලිස්සලා දුලියගේ ඔලුවෙත් වැදිලා අන්තිමට කෝච්චියෙන් එළියට විසික් උනා..පටන් ගත්ත වෙලේ ඉදන්ම බාධා වුන උන නිසා තව මොනව වෙයිද කියලා සැකයකුත් අපේ හිත්වල තිබුනා. පොල්ගහවෙල ඉදන් වැඩි දුරක් යන්න හම්බුනේ නෑ අපේ සැකය තහවුරු වුනා. කඩිගමුවට මෙහා තියෙන බිම්ගෙය ඇතුලෙදි කොච්චියේ ආසාමාන්‍ය වේගව අඩුවීමක් පෙනුනා. මට ඒකේ වෙනස හොදටම තේරුනා.එන්ජින් එකෙන් ජවය දුන්නත් කොච්චිය අදින් නෑ වගේ දෙයක් මට දැනුනා.එන්න එන්න ම වේගය අඩු වුනා කොච්චිය යම්තම් කඩිගමුව දුම්රිය ස්ථානයට ගාට ගාට ඇවිත් නැවැත්තුවා. එන්ජින් එකේ වැරැද්දක් කියලා හිතන්න පුලුවන්කමක් තිබ්බේ නෑ.මොකද ඉස්සරහට දාලා තිබුන M6 එන්ජිම කඩිගමුවට එනකම් හොදට වැඩ කලා ඒ වගේම පිටුපසට රඹුක්කනදි සම්බන්ධකරපු M5 එන්ජිමත් තිබුන නිසා දුම්රිය නතර වීමට හේතුව එන්ජින් වල අවුලක් කියලා හිතන්න බෑ..ගොඩාක් වෙලාවට බ්‍රෙක් වල ගැටලුවක් වෙන්න ඇති කියලා අපිට හිතුනා. රියදුරන් පෙට්ටියක් පෙට්ටියක් ගානේ බලාගෙන ගියත් ලෙඩේ හොයාගන්න බැරි උනා. අපි කඩිගමුවේ ඒ වෙනකොටත් විනාඩි 45 ක් විතර නැවතිලා. ඔය අතරේ රියදුරන් දුම්රිය මාර්ගය පරික්ෂා කලා. දැක්ක දෙයින් එයාලත් පුදුම උනා..එක් රේල් පීල්ලක දිගේ දිගටම කලුතෙල් තිබුනා.රියදුරන් 4 දෙනයි මායි ඉස්සරහට ගිහින් බැලුවා දිගටම කලු තෙල් පාර තියෙනවාද කියලා..අපි මිටර් 50 ක් විතර ඉස්සරහට ගියත් කලුතෙල් පාරේ අඩුවක් තිබුනේ නෑ.
![]() |
හැලුන කලුතෙල් |
![]() |
පීල්ලේ තැවරී තිබු කලුතෙල් |
කවුරු හරි පාරේ කලුතෙල් ගාලා දුම්රිය ධාවනය අඩපණ කරන්න උත්සාහ කරලද කියලා රියදුරන් සැක කලා. ඒත් ස්ටේෂන් එක ඉස්සරහ පාරේ කාටවත් නොපෙනී කලුතෙල් ගාන්න බැරි නිසා ඒ මතය බැහැර කලා. තවදුරටත් හොයලා බලද්දි ඊට ටික වෙලාවකට කලින් තෙල් කෝච්චියක් නුවර පැත්තට ගිහින් තිබ්බා ඒකෙන් කලුතෙල් පාර දිගට ලීක් වෙන්න ඇති කියලයි අන්තිමට තීරණය උනේ. ඇතිවෙලා තිබුන තත්වය නිසා දුම්රිය ඉදිරියට ධාවනය කරන්න කිසිම හැකියාවක් තිබ්බේ නෑ.රියදුරන් කොළඔ පාලක මැදිරියට තත්වය දැනුම් දුන්නා. ඔය අතරේ අපිව පහුකරගෙන රඹුක්කන පැත්තට තෙල් කෝච්චියක් ගියා ඒක අරන් ගියෙ M9 වර්ගයේ එන්ජිමකින් (M9 කියන්නේ ලංකාවේ තියෙන එන්ජින් වලින් වැඩිම ජවයක් තියෙන එන්ජිමයි). ඇතිවෙලා තිබුන තත්වයත් එක්ක අපිට ඕන කරලා තිබ්බෙත් M9 හරි M6 හරි වර්ගයේ එන්ජිමක් තමයි. නුවර යාඩ් එකේ මේ දෙවර්ගයේම එන්ජින් එවෙලේ තියෙයි කියලා හිතන්න අමාරු නිසා අපි M5 එන්ජිමක් එනතුරු බලාන හිටියා. විරාජ් ඒ වෙනකොට පේරාදෙනියට ඇවිත් හිටියේ, විරාජ් අපිට කෝල් කරලා කිව්වා M5 එකක් පල්ලෙහාට යනවා දැක්කා කියලා. ඒ කියන්නේ අපිව බේරගන්න එන්නේ පොඩ්ඩෙක්. ආයෙත් හිතේ සැකයක් තිබ්බා M5 දෙකක් එක්ක M6 එකක් කලුතෙල් බේරෙන පාරක පෙට්ටි 13ක ලෝඩ් එකක් කොහොම කඩුගන්නව කන්ද නගින්නද කියලා..
ඔය අතරේ රියදුරන් හිතුවා තෙල් කොච්චිය පහලට ගිය නිසා පීල්ලේ තෙල් පාර ඒකෙන් ටිකක් හරි කැපෙන්න ඇති කියලා. එහෙම හිතලා ුආයේ පාරක් කෝච්චිය පනගන්නවලා ඉස්සරහට ගන්න උත්සාහ කලා. ඒත් වැඩේ හරිගියේ නෑ. මීටර් 100 කට වඩා ඉස්සරහට යන්න හම්බ්නේ නෑ..ආයෙත් කෝච්චිය ස්ටේෂන් එකටම ගන්න උනා.දැන් අපි පැය එක හමාරකටවත් වඩා කඩිගමුවේ නැවතිලා.දුලියයි කාවින්දයයි තාම ෆුට් බෝඩ් එකේ දෙන්නා දෙපැත්තේ ඉදගෙන බාගෙට නිදි. සිරිපාදේ යන කොල්ලෝ සෙට් වලට නම් ගානක් ඇත්තෙම නැති හැඩයි. උන් ඒ වෙනකොටත් සප්පායම් වෙන්න ඕන එව්වයින් සප්පායම් වෙලා හිටපු නිසා පිස්සු විකාරෙන් සිංදු කියනවා. උන්ට කෝච්චිය ගියත් එකයි නැතත් එකයි. රියදුරන් 4 දෙනයි, ගාඩ්ලයි, අපි සෙට් එකයි, ස්ටේෂන් එකේ අයයි ඇරෙන්න වෙලා තියෙන දෙයක් අනිත් කිසිම කෙනෙක් දැනන් හිටියෙත් නැ.මගෙන් ඇහුවට මම කිව්වෙත් නෑ.කාර්මික දෝෂයක් නිසා දුම්රිය ධාවනය ප්‍රමාද වේ කියලා විතරයි ස්ටේෂන් එකෙන් දැනුම්දුන්නේ. බාධා වෙවි ආපු ගමන මෙතනින් කෙලවර වෙයි කියලා දුලියට වගේම මටත් හිතිලා තිබ්බේ. හිත හැදෙන්නත් එක්ක පහුවෙනිදා උදේ වෙනකම් ස්ටේෂන් එකේ නිදාගෙන රේල් හයික් එකක් වත් යමු කියලා අපි කතා උනා.
![]() |
ඉදිරිපස M6 එන්ජිම |
![]() |
පසුපස M5 එන්ජිම |
මගීන් නොඉවසිල්ලෙන් |
![]() |
ගැලවුම්කරුගේ පැමිණිම |
![]() |
M9 |
රියදුරු මහතා |
එක්වීමකට සුදානමින් |
කරදර බාධා මැදින් කෝච්චිය යන්තම් පේරාදෙනියට ආවා. අපි එනකම් විරාජ්ලා පොඩි නින්දක් හෙම දාලා. ඒ දෙන්නව ඉස්සරහෙ පෙට්ටියේ ෆුට් බෝඩ් එකට සෙට් කරලා අපි කට්ටියම රාත්‍රී භෝජනය මහ පාන්දර අනුභව කරන්න පටන් ගත්තා. හොද වෙලාවට විරාජ්ලට පාන් අරගන්න පුලුවන් වෙලා..නැත්නම් දවස් දෙකක් කන්න වෙන්නේ චොකලටුයි බිස්කටුයි තමයි. ඒ අත්දැකීමත් හරිම සුන්දරයි, දුලියයි කාවින්දයි ෆුට් බෝඩ් එකේ පලවෙනි පඩියේ, එච්චර වෙලා හිටගෙන ආපු මමත් දෙවැනි පඩියෙන් වාඩි වෙලා කට්ටියම එක්ක එකතු වෙලා පාන් කෑවා..ඔය පාන් පෙත්තම ටේබල් එකක වාඩි වෙලා කනවට වඩා අමුතු රසක් අපිට එවෙලේ දැනුනා.
විරාජ්ලටත් පොඩි කරදරයක් ස්ටේෂන් එකේ අපි එනකන් බලා ඉන්නකොට වෙලා තිබ්බා. එයාලා අපි පරක්කු නිසා පොඩි නින්දක් දාලා.ඔය අතරේ ආපු බීපු ඩයල් එකක් පොඩි කොස්සක් ඇදලා අපේ දෙන්නට. එතැන ඉන්න බැරි නිසා දෙන්න වෙන තැනකට ගිහින් , කලබලේ නිදිමතේ ගිය නිසා විරාජ්ගේ ට්‍රයි පොඩ් එක අමතක කරලා ගිහින් තියෙන්නේ. බහින්න කිට්ටු වෙලා හැටන් දිහාට ඇවිත් ට්‍රයි පොඩ් එක හොයද්දි තමයි විරාජ්ට මතක් උනේ ඒක අමතක වෙලානේ ඇවිත් තියෙන්නේ කියලා.යන්තම් හැටන් වලින් අපිට පෙට්ටිය ඇතුලට එන්න පුලුවන් උනත් ඉදගන්න හම්බවුනේ දුලියටයි කාවින්දටයි විතරයි. අපි ග්‍රේට් වෙස්ටර්න් වලට එනකොට පාන්දර 3 පහුවෙන්න ඇති. ඒ වෙලාවේ තිබ්බේ පුදුම සීතලක්..ඈතින් සමනල කන්දේ සිරිපා කරුණාව සදහා ආලෝකමත් කර තිබු හැටන් මාර්ගය දිස් වුනා...අහසේ තැනින් තැන විදුලි කෙටිම් තිබුනත් වැහි වළාකුළු තිබුනේ නෑ...ස්ටේෂන් එකේදි අපිට ස්ටේෂන් මාස්ටර් ගොඩාක් උදව් කලා. විවේක කාමරය ඇරලා දිලා දෙන්න පුලුවන් හැම පහසුකමක්ම අපිට ලබාදුන්නා. එදා ස්ටේෂන් මාස්ටර් හිටිය දොරවක මහත්මයාට අපි ස්තුතිවන්ත වෙන්නම ඕන.ඒ වගේම දොරවක මහත්මයාව ගමනට පෙරදිම මට හදුන්වා දුන් මා හිතාදර සදරුවන් කුඩාහෙට්ටි මිතුරාටත් මම ස්තුතිවන්ත විය යුතුයි.
![]() |
ග්‍රේට් වෙස්ටර්න් වලට පා තැබු අවස්ථාව |
ප.ලි
අපිත් එක්ක ආපු විරාජ් කියන්නේ හොද වීඩියෝ එඩිටර් කෙනෙක්.එයා අතින් නිර්මාණය වුනු අපේ හයික් එකේ විඩීයෝ එක මෙතනින් බලන්න.අද පෝස්ට් එකෙන් හයික් එක ගැන කිසිම දෙයක් ලියන්න බැරි උන එක ගැන සමාව ඉල්ලනවා. එකපාරටම හයික් එක ගැන කියනවට වඩා එතනට අපි ආපු හැටි කියන එක හොදයි කියලා හිතුන නිසයි අද ටිකක් වැඩියෙන් ලිව්වේ. අද ලිවීමේ ශෛලියෙත් පොඩි වෙනසක් ඇති කලා ටිකක් සරලා කරලා ලිවීමෙන් හැමෝටම ආසාවෙන් කියවන්න පුලුවන් වෙයි කියලයි එහෙම ලිව්වේ..ඔයාලගේ අදහස් කියන්න. ඉස්සරහට ලිපි සකස් කරද්දි වැදගත් වේවි.
ප.ප.ලි
මේ ගමන අපි ගියේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසයෙයි.පෝස්ට් එක දාන්න හිත හිත හිටියත් එක එක වැඩ හින්දා පරක්කු වුනා.අද තමයි ඒකටත් වෙලාවේ හම්බවුනේ.මේකේ ඉතුරු කොටස් ටික ඉක්මනටම ලියලා පෝස්ට් කරන්නම්.තව දෙයක් කියන්න අමතක උනා මේ පෝස්ට් එකේ දාලා තියෙන සමහර ඡායාරූප වල අයිතිය දුලිත සමීර සතුයි.නැවත පලකිරීමක් කරනවා නම් අයිතිකරුවන්ගේ අවසරය මත පමණක් සිදු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.ජය වේවා !!!
නියමෙටම ලියල තියෙනව මලේ.. ඊලඟ කොටස එනකල් බලාගෙන ඉන්නව... මම දවසකුත් කීව වගේ උඹේ පොස්ට් කියෙව්වම ඇවිදින්න ආස හිතෙනව..
ReplyDeleteඅදයි මම දැනගත්තෙ චමිල්ටත් කෝච්චි සම්භන්ධයක් තියෙනව කියල..
බොහොම ස්තුතියි මචන්..මගේ පෝස්ට් එකක් බලලා එහෙම හිතෙනවානම් මට ගොඩාක් සතුටුයි..ඔව් මචන් අපේ තාත්තා වගේම සීයාත් දුම්රිය දෙපාර්තමේන්තුවෙ තමයි...
Deleteෆට්ට ෆට ෆට .. එලම එල
ReplyDeleteතැන්කු තැන්කු...
Deleteඇඬෙනව බං ගමන මතක් වෙද්දි..හුම්ම්ම්ම්..ඊළඟෙ කෑල්ලත් ඉක්මනට දාපං
ReplyDeleteආයෙත් අහලා වෙන්න තියෙන හැමදේම වෙලා ගෙදර ආපු හයික් එකක් නේද බන්..මේ ඊලග එක ලියන ගමන් බන්..ඉක්මනටම දාන්නම්..
Deleteවෙලාවට මම ආවේ නැත්තේ.. නැත්තන් මගෙත් මොනවා නැති වෙයිද දන්නෑ :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මටත් මේ හිතාගන්න බැරුව ඉන්නේ උබ ආවනම් උබේ මොක නැතිවෙයිද කියලා රජෝ...:P
Deleteඉතුරු ටිකත් ඉක්මනට දාපන්..... සුපිරි අද්දැකිමක් මචං...
ReplyDeletegood luck
ස්තුතියි යාලුවා..
Deletemaru athdekim tika
ReplyDeleteආයෙත් අහලා සල්ලි දිලවත් ගන්න බෑ මේ වගේ අත්දැකිම්....
Deleteනියමයි අයියෙ. අසා හෙතෙනව කෙයවනකොට.....
ReplyDeleteස්තුතියි මල්ලි..දිගටම මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්න..
Deleteසිරා ඇඩ්වෙන්චරයක් මචං..
ReplyDeleteඑල..
ජයවේවා!!!!!
ඔව් මචන් වචනයේ අර්ථයෙන්ම මේක සිරා ඇඩ්වෙන්චර් එකක් උනා..ඊලග කොටසේ තමයි හොදම ටික..ජය වේවා!!!
Deleteනියමයි මචන් ඔය කඩිගමුව ඇත්තටම බාදකයක් තමයි ඔය හරියේ තියෙන බිංගේ පන්නගෙන කොච්චිය ඉස්සරහට යනව කියන්නේ ගමන ජය නියතයි උඹට කියන්ඩ මමත් හයික් එකක් යන්ඩ ගිහින් ඔතනදිම අපි ආපු කොච්චියත් කැඩුන නේව හැබැ මම ආවේ නුවර කොච්චියේ අපි ගියේ මචන් දුවිලි ඇල්ලට රිවස්ටන් හරහා බලපන් මෙතනින් http://raj-rajmyblog.blogspot.com/2012/04/blog-post.html උබේ විස්තරය දාපන් පුලුවන් උනොත් මාත් නගිනව ඔය කන්ද
ReplyDeleteමම එහෙම දෙයක් කලින් අහලානම් තිබ්බේ නෑ එත් දැන් හිතෙනවා ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා කියලා..තව දෙයක් ඔය කඩිගමුවට ටිකක් එහායින් තියෙන බලන හෙම කියන්නෙත් ස්වභාවිකවම මධ්‍යම කදුකරයට ඇතුල්වෙන්න තිබ්බ බාධාවක්නේ නේද? ඉතින් ඒ බාධාවල් මැඩගෙන ඉස්සරහට යනවා කියන්නේ වැඩෙ සාර්ථක වෙන්න පුලුවන් කියන එක ඇත්ත කියලා මටත් හිතෙනවා..දුවිලි ඇල්ල යන්න පහුගිය මාසේ අපි සේරම ලැහැස්ති කරලා තිබ්බේ ඒත් අන්තිම මොහොතේ ඇති වෙච්ච පොඩි අවුලක් හින්දා ඒක කැන්සල් කරලා ඒ වෙනුවට අපි කන්නෙලිය ගියා..
Deleteමමත් ග්‍රේට් වෙස්ටර්න් යනවා හැබැයි තෙ වත්තට
ReplyDeleteතේ වත්තට යන්නේ ඇයි මචන්? දළු කඩන්නද??? :D :D
Deleteචමිල්, ඉතා ලස්සනට ලියු වාර්තාවක්. මෙවන් ගමන් යාම ඉතා අසීරු වන්නා සේම, මෙවන් ගමනක් ගිය අයකු මෙවන් වාර්තාවක් ලිවීම ඊටත් වඩා අසීරුය යන්න මාගේ හැගීමයි. මෙවන් රසවත් අයුරින් ඉතුරු ටිකත් ඉක්මනින් ලියන්න. සුභපැතුම්.
ReplyDeleteබොහොම ස්තුතියි මචන්...ඒක නම් ඇත්ත මචන්.සමහර වෙලාවට ගමන යනවට වඩා වෙලා යනවා මේ වගේ සටහනක් ලියන්න..එක වචනයකින් හරි හොද නරක කියලා යන එකෙන් ලොකු ශක්තියක් ලැබෙනවා ඊලග සටහන සාර්ථකව ලියන්න..සටහන කියවලා පුංචි හරි සටහනක් තියලා ගිය හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා...
Deleteඇත්තටම ගොඩක් ලස්සනට මේක ලියලා තියෙනවා.කියවන්න කියවන්න කුතුහලයක් දනවනවා.ඒක තමයි ගොඩක් හොද.ඉස්සරහටත් මේ විදිහටම ලියන්න.
ReplyDeleteඔයාලගේ අදහස් ගොඩාක් වටිනවා..බොහොමත්ම ස්තුතියි සදරුවන්...දිගටම මේ පැත්තේ එන්න..
Deleteකළුතෙල් වැටුණම මොකද කේස් එක..? ලිස්සන එකද? O.o
ReplyDeleteමේ ලියන විදිය හොඳයි වගේ.. කියවන්න ලේසී තමා..
මාත් යන්න ඕනෙ.. මුලින් ලේසි තැන් ටිකකට ගිහින් පස්සෙ බලන්න ඕනෙ මේ පැත්තත්.. වැඩේ හෙන අමාරු වගෙයි කියන විදියට නං.. බලමුකො.. :)
ඔව් මල්ලි කලු තෙල් වැටුනම රෝද ලිස්සන්න ගන්නවා එක්කෝ කලුතෙල් අයින් කරන්න වෙනවා නැත්නම් ජවය වැඩි එන්ජිමක් යොදාගෙන තල්ලුකරන්න වෙනවා..අපිට යන්න පුලුවන්කම තිබ්බේ දෙවැනි විසදුමට..ග්‍රේට් වෙස්ටර්න් කියන්නේ ආධුනික හයික් එකක් නෙමෙයි..යම් තරමක අවධානමක් වගේම දුෂ්කරතා බාධක මැඩගෙන ඉදිරියට යන්න ඕන හයික් එකක්..අත්දැකීම් එකතු කරගෙන දවසක ග්‍රේට් වෙස්ටර්නුත් නගින්න..
Deleteනියමෙටම නියමයි මලයා.වැඩේ කොහොම හරි ඇදගෙනම යමු.මගේ උණුසුම් සුබ පැතුම්.
ReplyDeletehttp://samakayawate.blogspot.com/
නියම අත්දැකීමක් ඉස්සරහට කියවන්න ලැබෙයි වගේ. ඉක්මනටම ඉතුරු ටිකත් දාන්න.
ReplyDeleteඔයාගේ ලිපිය මං දැන් තවපාරක් කියෙව්වා.හරිම රසවත්.මේ ලිපියේ එන ස්ටේෂන් මහත්තයා දොරවක හරිම හොඳ කොල්ලෙක්.එයා ඉස්සර හිටියේ ඉදල්ගස්හින්නේ. එහේ ඉන්නැද්දී අපටත් සෑහෙන්න උදව්කළා.ඌ මීරිගම කොල්ලෙක්.සංචාරක සවාරිවලට කියාපු කොල්ලෙක්.එයා හමුවුණොත් අහන්නකො මොටර් සයිකල්වලින් ගිය කඳුකර සවාරිය,සීගිරිය කැලේ මැද කළුදිය පොකුණේ රාත්‍රී කඳවුර,තල්කොටේ වැව ඉස්මත්තේ කඳවුර කොහොමද කියලා. මචං මාර තැන් ගිහින් බලපං.උඹට යන්න කියාපු තැන්.
ReplyDeletehttp://samakayawate.blogspot.com
ReplyDeleteමම නම් අදමයි මේ අහම්බෙන් වැස්සට ගොඩ වැදුනෙ. බලපු පලවෙනි පෝස්ට් එකම එළකිරි! ඊ ගාවා කොටස කියවන්න අනිවා එනව. අර ෆෝන් එකයි ට්‍රයිපොඩ් එකයි ඉතින් එච්චර තමයි නේ?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
මේපමණ දිනක් හොඳ බ්ලොග් එකක් මග හැරී ඇති නිසා පසු තැවීමකුත් ඇති උනා . අහම්බෙන් මේ පැත්තට ආවේ .
ReplyDelete…
…අනිත් සියලු දෙනාම කියල තියෙනව වගේ හරිම රසවත්, කියවන්නා තුල රුචිය වඩවන ලිපියක් . ඒ වගේම හරිම සජීවි බවක් දැනෙනවා . බොහොම බාධක මැදින් ගියපු ගමනක් නිසා ඒකෙ අගයත් වැඩි . ඒ වගේම ඔයා කෝච්චි ගැනත් දැනුමක් තියෙන කෙනෙක් බව පෙනෙන්නට තියෙනවා .
…
…කුඩා කාලේ සිටම මාත් හරිම කැමති මේ කෝච්චි චාරිකා වලට . විශේෂයෙන් උඩරට පැත්තෙ යන්න ආසයි . ඔයාගේ ලිපියෙන් අපි බදුලු ගිය ගමන් ගැනත් සිහිපත් උනා .
…
…ලිපියේ අකුරු ටිකක් ලොකු කරන්න පුලුවන්නම් ගොඩක් හොඳයි .
machan ada thamayi awe me paththe sira link ekak deepu nisaa..
ReplyDeletemeke machan ape nam gam gana post yaddi apiwath poddak danuwath
karahan...mokada post miss wenawa...
මේ පැත්තට ගොඩවැදුනට ගොඩාක් ස්තුතියි මචන්..නම් ගම් ගැන පෝස්ට් යද්දි කිව්වේ මට ටිකක් පැහැදිලි මදි..මේකේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද?
Deleteබතලේගල, තොටුපොල, කිරිගල්පොත්ත...ඊළඟට කොහෙටද ?
ReplyDelete