Thursday, March 21, 2013

දුම්බර කදු මුදුන් මත රැයක්...(දෙවන කොටස)

         
                 නකල්ස් කදු මුදුන දක්වා යන ගමනේ නකල්ස් නැරඹුම් මාවත දක්වා පැමිණි ගමන දුම්බර කදු මුදුන් මත රැයක්..පළමුවන කොටසින් පළ විය.අද ලිපියෙන් එතැන් සිට නකල්ස් කදු මුදුන දක්වා ගමන දිගහැරෙනු ඇත.නකල්ස් නැරඹුම් මාවත යනු ස්වභාවික මංපෙතකි.මුල් කොටසේදි සැලකිලිමත් ලෙස ගමනේ නොයෙදුනහොත් පාර මගහැරී වෙනත් ඉසව් කරා යෑමට උවද ඉඩ ඇත.ගමන ආරම්බයේදිම කුඩැල්ලන්ගෙන් ආරක්ෂා වීම සදහා පිළියම් භාවිතා කිරීම ඉදිරියේදි හමුවීමට නියමිත කුඩැලි හමුදාවට (:D :D ) සාර්ථකව මුහුණ දිමට ඉවහල් වනු ඇත.මං පෙත ඔස්සේ ටික දුරක් ගිය විට ඉතා සුන්දර දිය ඇල්ලක් (මෙහි නම මා නොදනියි. දන්නා අයෙකු වෙතොත් එය සදහන් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා) වෙත ප්‍රවේශ වීමට අවස්ථාව ලැබෙයි. මෙහි සුන්දරත්වය විස්තර කරනවාට වඩා ඔබටම බලා ගැනීමට ඉඩ හැරීම යෝග්‍ය යැයි හැගේ..

නකල්ස් මංපෙත ඔස්සේ..

දිය කඩිති මතින්...

සුන්දර දිය ඇල්ල....

තවත් කෝණයකින්...

ලොෂාන් සහ මම


   දිය ඇල්ල අසල එහි සිරි නරඹමින් බොහෝ වෙලාවක් රැදි සිටිමට නොහැකි වුවත් හිත පුරා එහි පහස විදගන්නට අපිට හැකි වුනා.එතනින් නික්මුන අප කෙමින් කෙමින් පැමිණියේ එළිමහන් වටපිටාවකටයි..තැනින් තැන වැවි තිබුන මාන වැනි පදුරු අතරින් අපගේ ගමන වැටී තිබුණා.ජල අවශ්‍යතා ඉටුකරගැනීමට හැකි අවසන් ස්ථානය දිය ඇල්ල පසුකොට මද දුරක් ඉහලට යන විට දක්නට ලැබෙනවා. දිය ඇල්ල අසලින් ජල බෝතල් පුරවා නොගන්නේ නම් මෙම ස්ථානය අනිවාර්යයෙන්ම ඒ සදහා යොදා ගතයුතුමයි.


               
අවසන් දිය දහර...

ඉදිරියටම....


              තරමක් වෙහෙසකර වු ගමනක් වුවත් හතරදෙනා අතර කතාකරන්නට තිබු කෝටියක් දේවල් නිසා වෙහෙස එතරම් දැනුනේ නැ..අප මුලින් සැලසුම් කර තිබුනේ පලමු දිනය තුල කදු වැටියේ පස් වන කදු මුදුන දක්වා යා හැකි උපරිම දුරක් ගමන් කොට, රාත්‍රිය ගතකොට පසු දින ඉතිරිය සම්පුර්ණ කොට ආපසු පැමිණිමටයි.එහෙත් සිතුවාට වඩා ගමන බොහෝ සෙයින් මන්දගාමි වු නිසා උසම කදු මුදුන එනම් නකල්ස් මුදුන දක්වා ගමන් කොට එහි රාත්‍රිය ගත කිරිමට අප තීරණය කලා.
             
කදු වැටිය ඉදිරිය..

අනෙක් පසට විහිදුම (අප ගමන් කිරන දිශාවට ප්‍රතිවිරැද්ධ දෙසට)

හතරවන සහ පස්වන කදු මුදුන් ඇතින් දිස්වෙයි..

එළිමහන් වටපිටාව...

තව දුරයි...

කදු වැටියේ විහිදුම කෙතරම් ඇතට වේදැයි සිතා ගත හැකි නොවේද?
             මේ වන විට අපගේ ගමන් මග වැටී තිබුනේ එළිමහන් වට පිටාවක් මැදි කරගෙනයි..කදු වැටිය ඉතා පැහැදිලිව අප ඉදිරියේ නැගී සිටියි..කදු වැටියේ ආරම්බයක් හෝ අවසානයක් අප සිටන තැනට පැහැදිලිව නොපෙනුනත් එය ඉතා විශාල දුරක් තාප්පයක් මෙන් අභිමානයෙන් නැගි සිටින ආකාරය අප ඉදිරියේ දෘශ්‍යමාන විය..මේ කදු වැටියෙන් සැගවී ගත් එහා ලෝකය දැකගැනීමේ දැඩි ආශාව අප සියලු දෙනා තුලම ලියලමින් තිබුණි. ඇත්තටම එය කෙසේ වේවිද? කිසිදු අදහසක් අප තුල නොවිය. හටගත් දැඩි කුතුහලය නිසාම වහා වහා අඩි ඉක්මන් කිරිමට අප නිතැතින්ම පෙළබුනි.




පලමුවන දෙවන(නකල්ස් කදු මුදුන) හා තෙවන කදු මුදුන් (දකුණේ සිට)

අවට අසිරිය...

මෙතෙක් ආ මග...

නකල්ස් මං පෙත...

මියැදුන ගසේ චමත්කාරය

                 මීළගට අප අවතීර්ණ වුයේ වන වියනක් තුලටයි..වියළි එහෙත් සිසිල් දේශගුණයකින් සමන්විත වු වන වියන තුලින් ක්‍රමාණුකුලව වර්ධනය වු නැග්මක් සහිතව මාර්ගය පිහිටා තිබුනා.


                 වන වැස්ම අවසානය අපව සුන්දර දර්ශන පථයකට ගෙන ගියා..ඒ, වන වැස්ම ආරම්භක ස්ථානයට සාපේක්ෂව සැලකිය යුතු තරම් ඉහළ උසකට අපි පැමිණ තිබුන නිසයි.අවට වට පිටාවේද පෙරට සාපේක්ෂව විශාල වෙනසක් දැකගන්නට ලැබුනා..උස්ව වැඩුනු බට ශාකයෙන් හාත්පස වැසී ගත්තා..

ලද විටෙක කෙටි විවේකයක්...





 සුන්දර දුම්බර කදු..



             මෙතැන් සිට ගමන තරමක් දුෂ්කර වුනා.නැග්ම පෙරට වඩා තියුණු වු අතර ඝනව වැඩුණු බට යායක් මැදින් පාර වැටී තිබුනා.සෑම අයෙකුම ඉතා විශාල බඩු ප්‍රමාණයක් රැගෙන යමින් තිබු නිසා ගමනේ දුෂ්කරතාවය තවත් වැඩිවුනා.මේ අවස්ථාව වනවිට ලක්ෂිතට ඇති වි තිබු බඩේ කොරයක් නිසා දැඩි පීඩාවකින් ද පසු වුනා.විටින් විට නැවතෙමින් විවේක ගනිමින් අප ඉදිරියට ඇදුනා.කුඩැල්ලන් බහුල ඉසව්වක් වු බැවින් නැවතී ගමන් කිරිමද දුෂ්කරතා රාශියක් මතු කලා..




             සීතල මීදුම් වලා අතරින් සෙමින් සෙමින් අපි ඉදිරියට ඇදුනා..දුෂ්කර ගමනක් උවද ගතට කිසිදු වෙහෙසක් ඒ වනවිට නොදැනුනේ අපව වෙලාගෙන පාවෙමින් තිබු මිහිදුම් වළාවන් නිසා යැයි අපට හැගුනා.මුහදු මට්ටමේ සිට මීටර් 1700 කට වැඩි උසකින් සිටි හෙයින් පළමු කදු මුදුනට ආසන්න වෙමින් සිටන බව අපට අවබෝධ වුනා.

ඒ වනවිට තත්වය....

දුමෙන් බර වන කදු මුදුන්.....

මීදුම් වලා මැදින්...

ධෛර්යයෙන් ඉදිරියට....

          හවස හතර පසුවි මිනිත්තු තිහක් ගියතැන අපි ගමනේ එක් වැදගත් සන්ධිස්ථානයකට ලගා වුනා. එනම් නකල්ස් කදු වැටියේ පලමු කදු මුදුන වෙතයි.අපගේ ජි පී එස් උපකරණයේ උස සදහන් වුයේ එහි උස මීටර් 1810 ක් ලෙසයි.ඒ වන විට ලක්ෂිතගේ අසනිප තත්වයද උග්‍ර අතට හැරී තිබු හෙයින් එහි නැවතී විවේක ගැනිමට අප තිරණය කලා.අමතක වී පැමිණි ග්ලුකෝස් පැකැට්ටුවේ අගය ඒ වනවිට මනාව වැටහෙමින් තිබුනා..

පලමු කදු මුදුන මත....

              කෙටි විවේකයකින් පසුව උසම කදු මුදුන එනම් නකල්ස් කදු මුදුන දක්වා  අපි ගමන ආරම්බ කලා.වැඩිවෙලාවක් යන්නට මත්තෙන් වන වැස්මෙන් එළියට පැමිනෙන්ට අපට හැකි වුනා.කදු මුදුනට තවත් මීටර් කිහිපයක දුර ප්‍රමාණයක් බැවින් වහා වහා සියල්ලෝම එදෙසට ඇදුනා...


ධෛර්යයෙන් ඉදිරියට...


උසම කදු මුදුනට අතේ දුරින්..














                 බැස යන හිරැ කිරණෙන් නැහැවෙමින්, සිහින් මිදුමින් කදු මුදුන් වෙලාගනිමිනි තිබු ඒ සවස් යාමයේ පහේ කණිසමට නකල්ස් කදු  මුදුනට අපි ලගා වුනා.මා පෙර පැවසු සැගවුනු ලෝකය දැන් මා ඉදිරියේ..හතරවටින්ම සිසාරා පැතිරුන කදු මුදුන්..මෙය සැබවින්ම කුඩා කල සිතින් මවා ගත් සර් ආතර් කොනන් ඩොයිල්ගේ සැගවුන ලෝකය නොවේදැයි ටිටෙක සිතුනා..නකල්ස් කදු මුදුන මුහුදු මට්ටමේ සිට මීටර් 1868 ක උසින් යුක්ත වුනා. ගොම්බානිය හැරුනු කොට උසින් වැඩිම දුම්බර කදු මුදුන මෙයයි. අවුරුදු 24 ක මාගේ ජිවිත කාලය තුල දුටු සුන්දරම දසුන් කිහිපය දැකගැනීමට නකල්ස් කදු මුදුන අවස්ථාව සැලසුවා කිව්වොත් නිවැරදියි. අවට පරිසරය එතරම්ම මනස්කාන්තයි..එය කිසිවෙකුට ජායාරූපයකට නැගිය නොහැකියි. නකල්ස් මුදුන මත හිරු බස්නා මොහොතේ මතකයන් කිහිපයක් මේ...


නකල්ස් කදු මුදුන මත...

මීටර් 1868 උසින්...

විචිත්‍රවත් වු හිරු කිරණින් නැහැවුන කදු මුදුන්...


පලමු කදු මුදුන නකල්ස් කදු මුදුනේ සිට.....

තවත් ඉසව්වක්...


ඇතින් වික්ටෝරියා ජලාශයද දැකගත හැකියි....

කෙමින් කෙමින් අප වෙලා ගන්නා මිහිදුම් කැරළි...

සුන්දරත්වය උපරිමයි...


                  අදුරු වැටීමට තවත් තිබුනේ පැයකටත් වඩා අඩු කාලයක් බැවින් රාත්‍රියේ නැවතීමට කුඩාරම පිලියෙල කරගැනීම ඒ මොහොතේ ඉතා ඉක්මණින් කරගත යුතුව තිබුනා.මීට පෙර පැමිණි කණ්ඩායම් විසින් කුඩාරම් ගසා තිබු ස්ථානයක් තිබුනද ඒ මොහොත වන විටත් තිබු සුළං තත්වය රාත්‍රියේදි තවත් වර්ධනය වේ යැයි සිතුනු නිසා එතැන කුඩාරම ගැසිමෙන් වැලකිමට අප තිරණය කලා..එම ස්ථානයට අඩි කිහිපයක්  නුදුරින් තිබු වෙනත් තැනක් වෙත අපගේ අවධානය යොමු වුනේ මෙවිටයි. මීට පෙර කිසිවෙකුත් එම ඉඩෙහි කුඩාරමක් ගසා තිබු බවක් නොපෙනුනද අපට වෙන විකල්පයක් ද නොවිය.කුඩැල්ලගෙන් බහුල වු එම බිම මත අප කුඩාරම එලුවේ කුඩැල්ලෝ සැපිම රාත්‍රියේ කුඩාරම හුලගට ගසාගෙන යනවාට වඩා හොද බැවිනි.අප රැගෙන ආ ලණු කැරලි ප්‍රමාණවත් නොවිම නිසා කුඩාරමේ වැසි ආවරණය යෙදිමටද නොහැකි විය.











                     කුඩාරම පිලියෙල කර අවසන් වන විට හොදටම රෑ බෝවි තිබුණි. කන්දේ දෙපස දෙආකාරයකට දිස්වන්නට විය.මා සදහන් කල සැගවුන ලොව චන්ද්‍රාලෝකයෙන් පමණක් ආලෝකමත් වි තිබුණි. කන්දේ අනෙක් පස ඈතින් වු ගම් දනව් විදුලි බුබුලුවලින් ආලොකමත් වි තිබු අයුරු දිස් විය.
             
                      රාත්‍රිය උදා වීමත් සමගම දැඩි සීතලක් දැනෙන්ට විය.සීතලෙන් ආරක්ෂා වීමට අවශ්‍ය කිසිදු ඇගලුමක් අප විසින් රැගෙන විත් නොතිබුණි.එම නිසා ගිනි මැලයක් ගසා රාත්‍රි කෑම සදාහා සුදානම් වීමට අප යුහුසුළු විය. අවටින් සොයාගත් වියළි කොළ හා දර කෝටු කිහිපයක් යොදාගෙන පරිශ්‍රමයක් දරා ගිනි මැළය ඇවිලවීමට අපිට හැකි විනි.රාත්‍රි ආහාරය සදහා නූඩ්ලස් පිලියෙළ කරගැනීම අපගේ අරමුණ විය. ලක්ෂිත විසින් ඔහුගේ සූපවේදි දැනුම (:D :D ) මනාව උපයෝගි කරගනිමින් ප්‍රනිත නුඩ්ලස් ආහාරයක් සකස් කෙරිනි. ඒ රාත්‍රි භෝජනය කිසිදා මගේ මතකයෙන් ගිලිහී  නොයනු ඇත.  සිතලේ ගැහෙමින් උණූ උණූවේ ඇති පදමට නුඩ්ලස් වලින් සප්පායම් වු අප බොහෝ වේලාවක් ගිනි මැළය අසල කල් යැවිය. අපගේ ගත සිසිල් කරමින් හමා ගිය සුලං රැළී අපව එතනින් ඉවත් නොකිරිමට සැම විටම වගබලාගත්තා යැයි සිතේ.සිතලද එන්න එන්නම වැඩි වු බැවින් රාත්‍රි 9 පසුවු පසු අපි කුඩාරමට යාමට පිය නැගුවෙමු.(මෙවන් තැනක ගින්දරක් ඇවිලවු පසු එය නිසියාආකාරයෙන් නිවා දැමීම ඉතා වැදගත් වෙයි. ඉතිරිවන එක ගිනි පුපුරක් උව විශාල විනාශයකට මගපැදිය හැකි බැවින් ඒ ගැන දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය)


නූඩ්ලස් පිලියෙල වෙමින්..

යොදාගත් කොළ වර්ගය නිසා සැර දුමාරයකින් බැට කමින්..

ගිනි මැලය...




             
            කුඩාරම අතරින් පායා තිබු පුර්ණ චන්ද්‍රයා  පැහැදිලිව පෙනිනි. ඉතා නිසොල්මන් පරිසරයක මනුශ්‍ය වාසයෙන් බොහෝ දුරස්ව ගෙවන මේ රැය අපිට එක්කලේ සොදුරුම අත්දැකිමකි.වැසි ආවරණය හොදින් පොරවාගෙන පසුදින හිමිදිරියේම අවදිවන බලාපොරොත්තුවෙන් සුව නින්දකට ගිය අපට  රාත්‍රියේ වු දැඩි සීතල නිසා කිහිප වතාවක්ම නින්දෙන් අවදිවීමට සිදුවිය. එසේ වුවත් පසුගිය වර මහඑළිය තැන්නේ රාත්‍රි කදවුරේ මෙන් මෙවර ''සුපිරි කට්ටක්'' කැමට සිදු නොවිම නම් සැබවින්ම වාසනාවකි.
 
කුඩාරම තුලට ආලෝකයක්...

සුව නින්දක්...

                නකල්ස් කදු මුදුනේ සිට ඉර සේවය සහ සැගවුනු ලොවේ සුන්දර දසුන් සමග පසු දින සිදු වු රසවත් සිදු වීම් දුම්බර කදු මුදුන් මත රැයක්..අවසාන කොටසින් බලාපොරොත්තු වන්න.෴


                            ********සැමවිටම පරිසර හිතකාමිව සංචාරයේ යෙදෙන්න**********


26 comments:

  1. නියමයි මලේ දැන්නම් ඔය පලාතේ පයතියන්න දැඩී ආශාවක් තියෙන්නේ ස්තුතී විස්තර වලට ඉතුරු ටිකත් ඉක්මනට දාපං රසය ඇල්මැරෙන්න නොදී ජය...!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ් අයියා..ඉක්මනටම දානවා අන්තිම කොටසත්..මේ ටිකේ පොඩ්ඩක් බිසී වෙලා ඉන්නේ..අද හෙටම ලියනවා..ජය වේවා!!!

      Delete
  2. අඩේ බං මම උඹලට සෑහෙන්න වදයක් දීල නේද බං... සොරි මචංලා.... කොහොම උනත් චමියට පිං සිද්ද වෙන්න සුපිරි ගමනක් සෙට් උනා ඇහ්... ගොඩක් පිං

    ReplyDelete
    Replies
    1. හේ හේ පිස්සුද බන්..මොන වදයක් ද? හයික් වලදි එහෙම තමයි..අපි නොහිතන දේවල් වෙන්නේ..උබ ගැන ආඩම්බරයි බන්..උබ කොයි වෙලාවකවත් කිව්වේ නැ මට නම් යන්න බැ මම යනවා ආපහු කියන වචන ටික..උබ තුල තිබුන ඒ ධෛර්ය මාර වටිනවා බන්..උබ එදා හිටපු තැන මම බතලේගල හයික් එකේදි හිටියා..ලේ දිලා පැය 15 කින් විතර කදු නගින්න ගිහින් උබ වගේම මාර දුකක් වින්දා..ඒත් ඒ වෙලාවේ මාත් එක්කම හිටපු රජායි අනිත් කොල්ලො සෙට් එකයි හින්දා ගමනත් ගියා..කරදරයක් වුනෙත් නැ..ඉතින් මම දන්නවා මචන් හයික් සෙට් එකේ එකෙක්ට අසනිපයක් හැදුනම තියන තත්වය බන්..ඒක නිසා කවදාවත් මං හිතන් නැ ඒ කෙනා වදයක් කියලා බන්..

      Delete
  3. එල මචං.. ස්තුතියි මේ තොරතුරු බෙදා හදා ගන්නවට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චන්දන..නිදහස් වෙලාවක නකල්ස් පැත්තේ රවුමක් ගිහින් එන්න ට්‍රයි එකක් දෙන්න..ජායාරෑපයෙන් දකින් ලස්සන ඇස් දෙකෙන්ම බලාගන්න..:D

      Delete
  4. මලයිනේ උඹලා තමයි තාරුණ්‍යෙය් විරයො වෙන්නේ.. මේ අප්‍රතිහත ධෛර්යයට නාකි මගෙන් සුබ පැතුම්.. අද බොහෝ තරුණයන් මෙවන් දේට යොමු නොවිම කණගාටුවක් කොල්ලනේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින් අයියා..ඒකාකාර ජීවන රටාවන් එක්ක මිනිස්සු පරිසරයෙන් ගොඩාක් ඈත් වෙලා තියෙන්නේ අයියා..පරිසරයේ සුන්දරත්වය දැකලා නැති විදලා නැති කෙනාට ඒ දේ රැකගන්න අදහසක් එන්නෙත් නැනේ නේද? අපි මේ පුලු පුලුවන් විදිහට උත්සාහ කරන්නේ මේ දේවල් ලෝකයාට දැක බලාගෙන සලස්සවලා ඉදිරි පරම්පරාවටත් බලන්න සංරක්ෂණය කරගන්න අවශ්‍ය ඒ අදහස මිනිසුන් තුල ඇතිකරන්න..

      Delete
  5. එල එල. මෙව්වා දැක්කම ඉරිසියා හිතෙනවා බොල. ;)

    ReplyDelete
    Replies
    1. රෙපෝ ඊරිසියා කරන්ට එපෝ...:D :D.වෙලාවක යමු හයික් එකක්..මොකද කියන්නේ එනවද??

      Delete
  6. ලස්සනම ලස්සන දර්ශන පෙලක්.. විදගන්න ඕනා ඡායාරූප වලින් උවමනාව ඇවිස්සෙනවා... ගොඩක් ස්තූතියි බෙදා හදාගත්තාට. හැබැයි,
    ප.ලි
    වනයේ ගිනි ගැසීමෙන් ලැව්ගිනි ඇතිවිය හැකියි. අනෙක සපුරා තහනම් දෙයක්... මේවා පල කිරීමත් නරක ආදර්ශයක් දෙන්නෙ. හැකිනම් ඒවා ඉවත් කරන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වන වදුල අදහස් වලට..ඔව් අපි අතින් එතනදි වැරද්දක් වෙලා තියෙනවා..සිදුවු වරද පෙන්වා දිම ගැන ස්තුතියි ඔබට. මීළග සංචාර වලදි වනයන් තුල ගිනිමැල ගැසීමෙන් වැළකිමට අප විසින් කටයුතු කරනු ඇත.ජායාරූප ඉවත් කිරිම වරද සැගවීමට උත්සාහ දැරිමක් යැයි හැගියන නිසා මා එය ඉවත් කිරිමෙන් වළකිමි. එහෙත් මේ ලිපිය කියවන සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා වනයන් තුල ගිනි මැල නොගසන ලෙස..ජායාරෑප පෙල මගින් ඒ සදහා යොමු වීමක් කිසිවෙකුගෙන් අපි අපේක්ෂා නොකරමු. කෑම පිස ගැනිමට හෝ වෙනත් කර්තව්‍යකට ගින්දර යොදාගැනිමට වෙන සියළු අවස්ථාවලදි ගෑස් බර්නර් එකක් පාවිච්චි කිරිම සදහා අවධානය යොමු කරන මෙන් සියළුම පාඨකයින්ගෙන් ඉල්ලා සිටිනවා..

      Delete
  7. :) චමිල් බාළදක්ශයෙක් වෙලා එහෙම ඇතිනෙ එ කට්ටිය යූස් කරන ජාතියෙ වැඩ කෑලි තිබ්බ නිසයි ඇහුවෙ ********සැමවිටම පරිසර හිතකාමිව සංචාරයේ යෙදෙන්න********** මෙ වදනට මං හුගක් කැමතියි :)

    ReplyDelete
    Replies
    1. මම බාලදක්ෂයෙක් වෙලා ඉදලා නම් නෑ මචෝ..හරියටම කිව්වොත් බාලදක්ෂයෙක් වෙන්න ආසාවෙන් ඉදලා ඒක කරගන්න බැරි උන කෙනෙක් :( :(....ඔව් වැඩ කැලි නම් එහෙම තමයි ඉතින් :D ..වනයක් ඇතුලේදි අවශ්‍ය වන සමහර උපකරණ අපි ගාව තියෙනවා..තව බොහෝ දේවල් සහ තාක්ෂණය අපි සොයා යමින් ඉන්නේ..ඉස්සරහට මීට වඩා හොදට සංචාරයේ යෙදෙන්න ඒ දේවල් උදව් වේවි..බොහොම ස්තුතියි දිලුම් යන එන තැන් වලට ගොඩවැදුනට..දිගටම එන්න..

      Delete
  8. ඇයි බං මම ආවේ නැත්තේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දුක තමයි රංජනි :( :( ඊලග එකටවත් වර errrrrr

      Delete
  9. ඔයාලනම් සැබෑම පරිසර හිතකාමියෝ . නැත්නම් මේ වගේ ගමනක් යන්නට අමාරුයි . හරිම සොඳුරු අත්දැකීමක් . ගොඩක් ස්තූතියි මල්ලී මේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තාට .

    ReplyDelete
  10. නියම ගමනක්නෙ ගිහිල්ල තියෙන්නෙ. පින්තූර ටිකේ මේ විදියට පේනවනං ඇස්දෙකෙංම දැක්කම කොහොමට ඇද්ද.

    ReplyDelete
  11. උඹේ සංචාරක සටහන සිරාවටම වටිනවා. අදමයි ආවෙ. ෆලෝ පාරක් දැම්මා. ආයෙ එන්නම්. හරිම බිසී. උඹට ජය!

    ReplyDelete
  12. අද තමා ඉස්සෙල්ලම මේ පැත්තේ අවේ.හොඳ ලිපිටිකක් තියනවා. මම හිතුවේ SL බ්ලොගර්ස්ල අතරේ ට්‍රැවල් බ්ලොගින් කරන අය නැහැ කියල. සබ්ක්‍රයිබ් කලා නිවිහැනහිල්ලේ ලිපිටික කියවන්න.

    ReplyDelete
  13. මම වෙමි 100 වෙනි ෆලෝවර්.... ^_^

    ReplyDelete
  14. එල ද බ්‍රා කියලා මම කලිනුත් අවා .
    කෝ උබ ලියන්නේ නැද්ද

    ReplyDelete
  15. ආයෙ කොහේ හරි යංද?

    ReplyDelete