Thursday, September 20, 2012

මහඑළිය කිරිගල්පොත්තෙන් බෙලිහුල්ඔයට ගිය දුෂ්කර පාගමන...

               ''මචන් මධුරයා නන්පෙරියල් වලින් හෝර්ටන් තැන්න ගිහිල්ලා. අපිත් යමුද බන්? '' කටහඩ අවදි වුයේ අපේ වැල අශාන්ගෙනි. ට්‍රිප් හයික් වලට එතරම් කැමැත්තක් ස්වභාවයෙන්ම නොතිබු වැලයගෙන් ඇසු ඒ වචන ස්වල්පය මට පුදුම ගෙනෙදෙන්නට විය.කටට මසුරන් දමන්නට සිත් විය :D :D .ඒත් සමගම හොද හයික් එකක පෙරනිමිති මා සිත තුල පහල විය. තැටිය රත් වුන වෙලාවේ රොටිය පුච්චාගත යුතුය. මමද ලහි ලහියේ නන්පෙරියල් ඔස්සේ මහඑළියට ( හොර්ටන් තැන්න සදහා මහඑළිය යන නම මින් ඉදිරියට මාගේ සටහන් තුල භාවිතා කරමි) ට්‍රිප් එකක් සංවිධානය කිරිමට අවශ්‍ය කරුණු සොයන්නට විය. වැලයා ගමනට ආකර්ශනය කරගැනීමට ඉන්ටර්නෙට් එකේ තිබු හොදම ට්‍රිප් රිපෝට් එකින් එක ඊමෙල් ගත කෙරිණි. එයින් වැලයාගේ ගමනට තිබු ආශාව ඉහ වහ ගොස් තිබුනි.ගමන සදහා අපේ කැම්පස් එකෙන් නිෂානුයි, අඩවි රජ හෙවත් අපේ හර්ෂන මලයායි වැඩේට කැමැත්ත දි තිබුනි. අපිත් සමග හැකි සැම විටම හයික් සදහා එකතුවෙන නාඔටුන්න සහෝදරයාත් රජා සමග පැමිණිමට නියමිතය. කරුණු මෙසේ තිබියදි මා විසින් ගමන සැලසුම් කරන්නට විය. මුලදි මගේ අදහස වුනේ බෙලිහුල්ඔය නන්පෙරියල් ඔස්සේ මහඑළියට නැග එතනින් රාත්‍රිය මහඑළය තැන්නේ කැම්ප් එකක් ගැසීමයි.පසුදින කිරිගල්පොත්ත නැග හවස් යාමෙයේ සුපුරුදු නයිට් මේලයෙන් ගෙදර ඒමටයි. එහෙත් ලැබුනු ආරංචි මාර්ග අනුව මේ වනවිට වනජීවි දෙපාර්තමේනතුවෙන් නන්පෙරියල් ඔස්සේ ඇති මාර්ගය තහනම් කර ඇත. අවසර නැතුව ඇතුල්වීම ඉතා විශාල දඩයකට යටත් වීමට හේතුවන බව ආරංචි විය. නන්පෙරියල් ඔස්සේ ඇතුල්වීමේදි වනජීවී එකට අසුවීමට විශාල ඉඩකඩක් ඇති බව පෙනිනි. මීට පෙර මෙම හයික් එක ගිය කිහිප දෙනෙකුගේ ට්‍රිප් රිපෝට්, අදහස් හා මාර්ගෝපදේශ සලකා බැලිමෙන් අවසාන නිගමනයකට එළැබුනි.

               ඒ අනුව අපගේ චාරිකාව නන්පෙරියල් වලින් ඉහළට යාම වෙනුවට මහඑළියෙන් බෙලිහුල්ඔයට පහළට බැසීමට තීරණය විය. කැම්ප් සයිට් එක වෙන්කරවාගැනීමට බත්තරමුල්ල ජයන්තිපුර පාරේ පිහිටා තිබෙන වනජීවී කාර්යාලයට යාමට සිදුවිය. වනජීවී දෙපාර්තමේන්තුව හා කාර්යාලය පටලවාගැනීම නිසා අප කාර්යාලයට යන විට වෙන්කිරීම් කරන කාල සීමාව පසු වී තිබිනි. වෙන්කිරිම් සිදුවන්නේ සවස 3.30 වනතෙක් පමණක් බව අසන්නට ලැබුනි.කෙසේ හෝ පසු දින පැමිණ කැම්ප් සයිට් 3 වෙන්කරවාගැනීමට හැකිවිය. මහඑළිය තැන්නේ කැම්ප් සයිට් 3ක් පිහිටුවා තිබේ. එයින් සුන්දරම හා නිස්කලංක ස්ථානයක පිහිටා ඇත්තේ කැම්ප් සයිට් 3යි. එය වෙන්කරවා ගැනීමට සංචාරකයන් අතර යම් තරගයක් තිබෙන බවද නොරහසකි. ඔබ කැම්ප් සයිට් 3 වෙන්කරවාගැනීමට බලාපොරොත්තු වෙනවා නම් සති කිහිපයකට කලින් එය කරවා ගැනීම අනිවාර්යයි.කැම්ප් සයිට් එකක් 10 දෙනෙකුට වෙන්කරවා ගන්න පුලුවන්. 10 දෙනාටම අයකිරිම රුපියල් 2464ක් පමනයි.ඔබ කැම්ප් සයිට් එකක් වෙන්කරවාගෙන  පයින් මහඑළියට ඇතුල්වෙනවනම් වෙනම ඇතුල්වීමේ ප්‍රවේශ පත්‍ර ගන්න අවශ්‍යතාවක් ඇතිවෙන්නේ නැ . වාහනයකින් නම් එන්නේ වාහනයට අදාල ගාස්තුව ගෙවන්න වෙනවා.


කැම්ප් සයිට් වෙන්කරවාගැනීමේ අවසරපත

            දැන් සියල්ල සුදානම්. ගමනට අදාල අවශ්‍ය හැමදෙයක්ම ‍ලකලැහැස්ති කරගෙන සිකුරාදා හවස රජා ප්‍රමුඛ පිරිවර කොළඔ කොටුවට පිටත් කර මම ටෙන්ට් ආදිය රැගෙන පොල්ගවෙලින් දුම්රියට නගින්නට සුදානම්. රාත්‍රි 9.30 පහුවෙලා ස්වල්ප වෙලාවකින් අපිව ඔහියට අරන් යන නයිට් මෙල් ට්‍රේන් එක වෙදිකාවට ලගාවුනා.අපේ සෙට් එක ෆුට් බෝඩ් එක බදු අරන්..ගෙදර වගේ.." ඇයි යකෝ සෙකන්ඩ් ක්ලාස් ටිකට් අරන් තොපි මේ ෆුට් බෝඩ් එකක් බදාගෙන?? බලපන් මම නැතිව උබලට සීට් එකක්වත් අල්ලගන්න බැනේ '' ඔටුවා හඩ අවදි කලේ ''මං කිව්වේ මේකා ඕක කියයි කියලා'' කස්ටිය එක එකා එක වෙලාවල්වලට කොළඔට ආපු නිසා මරාදානෙන් සීට් අල්ලගන්න නොහැකි වී ඇත. කෙසේ හෝ ෆුට් බෝඩ් එක සැප යහන කරගෙන හොදට නිදාගන්නට මම පසුබට නොවුනේ මෙවැනි අත්දැකිමී මීට පෙර කිහිපවතාවක්ම විද ඇති නිසාවෙනි. වැලයගේ දෙවැනි දුම්රිය චාරිකාව නිසා පොරට සෑහෙන ප්‍රශ්න උද්ගතවී තිබිනි. අරක ඇයි මෙහෙම වෙන්නේ මේක මෙහෙම ඇයි? ප්‍රශ්න කෝටියකි. මිනිහා ෆුට් බෝඩ් එකේ නිදාගත්තේද නැත. රැය එළිවෙනතුරු නිෂානයා සමග නොනිදා පහන් කළේය. රජා ඝන අන්දකාරයේ ඔටුවා සමග ෆුට් බෝඩ් එකේ මොනවාදෝ ගැන ලොකු කතාවකය. උන් දෙන්නාටද නිදිමතක් නැති සේය. මහ රෑ හොදට නින්ද ගොස් සිටි මා ඇහැරුව්වේ ටිකට් පරීක්ෂක මහතුන්ය. පලමු පන්තියේ පාස් එකක් සහිතව ෆුට් බෝඩ් එකේ නිදාගෙන යන මා දැක ඔවුන් මොනවා සිතුවා දැයි මම නොදනිමි.නානුඔයදි අප සියලු දෙනාටම අසුන් ලැබුනද එවිට නිදිමතක් අහලකවත් නොතිබිනි. දැඩි ශිතල නිසා මුළු ඇගම ගල් වී සේය. ස්විටර් අත්මේස් තිබුනද ඒ සියල්ල බැග් එක තුල ගුලිවීය. ඒවා ගැනීමට යැමට සිත් නොවිනි. නුවරඑළියේ යන්නේ සිතලේ ඉන්ට නොවැ ඉතින් සීතලද උපරිමෙයෙනම් විදිමට අප පසුබට නොවුනි.

               පාන්දර 5 කණිසමට කිට්ටු වන විට අප ඔහිය දුම්රිය පලේය. ගාමිණි අයියා අප එනතුරු දුම්රිය පලේ සිටියේය. ගාමිණි අයියා යනු ඔහිය දුම්රිය පොල ඉදිරියේ නවාතැන් ස්ථානයක් හා මහඑළියට ප්‍රවාහන පහසුකම් සපයන්නෙකි. හිත හොද මනුස්සයෙකි.අපිට වරක් නොව කිහිප වරක් උදව් උපකාර කල අයෙකි.ඔබ මහඑළියට ප්‍රවාහන පහසුකම් බලාපොරොත්තු වනවානම් හෝ ඔහියේ නවාතැන් පහසුකම් බලාපොරොත්තු වනවානම් ගාමිණි අයියාට ඇමතුමක් ගෙන විස්තර අසාගත හැක.ඔහුගේ දුරකතන අංකය වන්නේ 0574914266. ගාමිණී අයියගේ රොටි සංග්‍රහයෙන් පසු අප ඔහුගේ වැන් රථයෙන් මහඑළිය දක්වා ගමන් කරන්නට විය. කාලගුණය ඉතා යහපත්ය.අවට වට පිටාව මනාව පැහැදිලිය.ඇත කදු මුදුන් විහිදි යන ආකාරය වාහනයේ සිට ආසාවෙන් නැරඹුවෙමු. උදේම ගෝන රංචු තණ පිටියේ කැම බුදින ආකාරය මනස්කාන්ත දර්ශනයක් විය.මහඑළිය ඔහිය පිවිසුමෙන් ඇතුළු වු අප සංචාරක මධ්‍යස්ථානය හා කාර්යාලය අසලින් ගාමිණි අයියට සමුදුනෙමු.

           සැලසුමට අනුව උදේම අප කලයුතුව තිබුනේ කිරිගල්පොත්ත කදු තරණයයි. බඩු බාහිරාදිය සියල්ල කාර්යාලයේ තබා අවශ්‍යම කරන දේවල් බැගවලට අසුරා කෝඩුකාරයෝ 4 දෙනෙක් සමග කිරිගල්පොත්ත තරණය කිරිමට මා පිටත් විය. මීට ඉහත එක් වරක් මා කිරිගල්පොත්ත තරණය කර තිබිනි.මහඑළිය තැන්න තුල තරණය කල හැකි කදු දෙකක් පිහිටා තිබේ. උසින් දෙවැනි තැනට ඇති කිරිගල්පොත්ත (උස මීටර් 2395) සහ උසින් තෙවැනි තැන තොටුපල කන්ද( උස මීටර් 2359) ඒ අතර වේ.  අග්‍රා බෝපත් වැනි කදු මහඑළිය තැන්න තුල පිහිටා තිබුනද ඒවා තරණයට අවසර නැත. කිරිගල්පොත්ත ස්වභාවික මංපෙත (Nature Trail) යනු තරමක් දුෂ්කර කදු තරණයකි. කිලෝ මිටර් 7ක් ගමනාන්තයට තිබේ. කදු නැගිම් බැසීම් මෙන්ම තැන්නේ ඇවිදිමටද මෙම මංපෙත හරහා ගමන් කරන්නට සිදුවේ. ගමනේ අවසාන මීටර් කිහිපය ඉතා පරිස්සමෙන් ගමන් කල යුතු අතර දෙපසට බැවුම් වු පටු තීරුවක ඉහලට නැගිමට සිදුවේ.තොටුපල කන්ද ස්වභාවික මංපෙත කුඩා කාලයකින් සම්පුර්ණ කරගත හැකි ලේසි කදු තරණයකි. කදු මුදුනට කිලෝමීටර් 2ක දුරක් ඇත.


මහඑළිය සිතියම (විශාලනයට ජායාරූපය මත ක්ලික් කරන්න)

             ඉහත සිතියමේ කොළ පැහැයෙන් දැක්වෙන මංපෙත කිරිගල්පොත්ත කදුමුදන දක්වා යන ස්වභාවික මංපෙතයි.රතු පැහැයෙන් දැක්වෙන්නේ මහඑළයට ඇති ප්‍රධාන පිවිසුම් මාර්ග 3යි. ඒ අතරින් දයගම මාර්ගය වනජීවී එක විසින් වසාදමා ඇත. වර්තමානයේදී නීත්‍යානුකුලව භාවිතා වන්නේ පට්ටපොල සිට ඇති පිවිසුම් මාර්ගයත් ඔහිය සිට ඇති පිවිසුම් මාර්ගයත් පමණයි. එම පිවිසුම් දෙකේදිම ඇතුල්වන්නට අවසරපත් ලබාගැනීමට කාර්යාල පිහිටුවා තිබේ. ඔහිය හා පට්ටිපොල දෙසින් ඇති මාර්ග දෙකෙන්ම මහඑළිය සංචාරක මධ්‍යස්ථානය දක්වා ආසන්න වශයෙන් කිලෝ මිටර් 11 ක දුරක් පවතියි. මහඑළිය තැන්න තුල ඉහත කදු තරණයන්ට අමතරව නීත්‍යානුකුල වන්නේ ලෝකාන්තය, බේකර්ස් ඇල්ල ස්වභාවික මංපෙත පමණයි. මහඑළියට එක් වරක් හෝ ගොස් ඇති අයෙකු මෙම වෘත්තාකාර  මංපෙත ගැන නොදැන සිටිය නොහැක. මක්නිසාද මහඑළිය(හෝර්ටන් තැන්න)  කියා සියලුම දෙනා බලන්නට යන්නේ ලෝකාන්තය හා බේකර්ස් ඇල්ල පමණක් වීමයි.

        මහඑළිය ගැන ලිවීමට බොහෝ දේ තිබුනත් අපේ ගමන ගැන ලිවිය යුතු නිසා වැඩිදුර කරුණු ඉඩ තියෙන විදිහට දාන්නම්. අපි කිරිගල්පොත්ත චාරිකාව පටන් ගන්නකොට වෙලාව හරියටම උදේ 7යි.අපේ ටීම් එකේ කට්ටිය මුලින්ම බැලුවේ නගින්න යන කන්ද පේනවද කියන එකයි.ඒත් වෙන කදු නැගීම් වල වගේ කිරිගල්පොත්ත කදු තරණයේදි අවසාන මොහොත වෙනකම් ගමනාන්තය පැහැදිලිව දැකගන්න ලැබෙන්නේ නැ.තණබිමෙන් ආරම්බ කරපු ගමන කටුගස් ගොන්නක් මැදින් වැටී තිබුනා.


ආරම්බය


අපි ලැහැස්තියි...


ගමනාරම්බය

කටු පදුරු මැදින්


පේන මානයක කන්දක් නැ


මොකුත් දැක්කේ නම් නැ හැබැයි...
               ගමනේ මුල් මීටර් කිහිපය තැන්න හරහා වැටි තිබුනා. කටුපදුරු අතරින් වැටී තිබුන අඩි පාර කෙමෙන් කැලැබද පෙදෙසකට සේන්දු වුනා. තැන්නේ අතරින් පතර ගින්නකට අසුවී තිබුන ගස් කිහිපයක් දැකගන්නට මේ ඉසව්වේදි පුලුවන්. මහඑළිය තැන්නේ පිහිටුවා ඇති තොරතුරු පුවරු වල සදහන් විදිහට 1989 වසරේදි මහඑළිය තැන්න ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා. ඒ ගින්නේ නෂ්ටාවශේෂ මේ ගමනේදි දැකගන්න පුලුවන්.
         
ගිනි ගත් අඩවිය පසුකරමින්


ගින්නට අසුවු ප්‍රදේශය



                     
                     අපේ ගමන තැන්නෙන් වනලැහැබකට අවතීර්ණ වුනා. මග දෙපස බට පදුරු වලින් ගහන මේ අඩිපාර විටෙක නැග්මක්ද විටක් බැස්මක්ද සහිතව වැටී තිබුනා.


කෙමෙන් කෙමෙන් වන ලැහැබට
       අපි මීලගට පැමිණියේ දිය පහරක් සමීපයටයි.කුඩා දිය පහරක් වුවද මෙය බෙලිහුල්ඹයේ ආරම්බයේ ඇති ශාඛා දිය දහරකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ වතුරේ ඇති දැඩි සීතලයි.ගිනි ගහන මධ්‍යහ්නයේ උව මෙහි ජලය අතදැමිය නොහැකි තරම් දැඩි සීතලකින් යුක්ත වේ. කොහොම උනත් අපි ආපසු ගමනේදි හොදට නාගත්තෙත් මේ දියපාරෙන්ම තමයි.ඒ දැනුන හැගීම නාපු අයම තමයි දන්නේ.






        ගමන අතරතුර හදිසියේම අපේ හර්ෂන මලයා අඩි සටහනක් දැක අපහට පෙන්වීය. දුටු සැනින් කොටියෙකුගේ අඩියක් බව අපිට හැගුනත් තව දුරටත් සෝදිසි කිරිමට අප යුහුසුළු විය. අප යන මාර්ගයේ අප දෙසට දිගටම අඩි සටහන් වැටී තිබුනා. ටික දවසකට කලින් වැටුන වර්ෂාවක් නිසා පස බුරුල් වු තැන්වල පමණක් අඩි සටහන් දකින්න පුලුවන් උනා.ඉදිරියටම සෝදිසි කරමින් යන විට ගෝනෙකුගේ යැයි සැකකල හැකි කුර සහිත අඩි සටහන් ද දැකගන්න පුලුවන් උනා. ගෝනා සහ කොටියාගේ පා සටහන් වැටී තිබුනේ එකම දිශාවකටයි.ඒක නිසා ගෝනා පසු පස ගිය කොටියෙකුගේ අඩි සටහන් කියලා හිතන්න පුලුවන්.පා සටහන් දෙස බැලිමේදි කොටියා ප්‍රමාණයෙන් සැහෙන ලොකු  එකෙක් කියලා හිතන්න පුලුවන්.ගෝනා නම් පෙනුමෙන් පැටියෙක් වගෙයි.


   
        මහඑළිය තැන්න තුල කොටින් 35 ත් 40ත් අතර ප්‍රමාණයක් ජීවත් වන බව වනජීවි නිලධාරන්ගේ අදහසයි. ආහාර සුලභත්වය, දැඩි ආරක්ෂාව හා බෝවිමට හිතකර මනුෂ්‍ය බලපැම් වලින් තොර පරිසර තත්ව නිසා මීට වඩා වැඩි කොටින් සංඛ්‍යාවක් මෙහි සිටිය හැක.කොටියා නැත්නම් දිවියා ගැන බොහෝ දෙනා හරිහැටි නොදන්නා බව මා අත්දැකීමේන් දනි. බොහෝ දෙනෙක් පවසන ආකාරයට කොටියා සහ දිවියා යනු සතුන් දෙදෙනෙකි. ඔවුන්ට අනුව කොටි මෙහි නැත.මෙහි ඇත්තේ දිවියන් පමණි. මෙහි දිවියන් ඇති බව සැබෑය නමුත් කොටියා යනු  ලංකාවට පමණක්ම ආවේනික දිවියාගේ උප විශේෂයක් බව බොහෝ දෙනෙක් නොදනියි. ඇත්තටම ඔබද මේ පටලැවිල්ලේ සිටින්නකු විය හැක. කෙටියෙන් ඒ ගැන කිව්වොත් දිවියා (Leopard) අයත් වෙන්නේ පැන්තේරා (Panthera) කියන ගනයටයි. විද්‍යාත්මක නාමය තමයි පැන්තේරා පාඩුස්   (Panthera pardus).දිවියන්ගේ උප විශේෂ ලෝකය පුරා විසිරි සිටිනවා.ලංකාවෙන් වාර්තා වෙන්නේ ලංකාවට පමණක් ආවේණික දිවියාගේ උප විශේෂයක් වන පැන්තේරා පාඩුස් කොටියා (Panthera pardus kotiya) නැත්නම් අප දන්නා හදුනන කොටියායි. මීට දශකයකට විතර කලින් ශ්‍රී ලංකාවට ආවේනික මෙම සත්වයා ගැන පැහැදිලි හැදින්වීමක් තිබ්බෙ නැ. ලංකාවේ ජීවත් වන දිවියාද ඉන්දියාවේ ජීවත් වන දිවියාගේ උප විශේෂයම බවට එකල පිලිගැනුනා. නමුත් ශ්‍රී ලාංකික විද්‍යාඥයින්ගේ උත්සාහයෙන් නිවැරදි හදුනාගැනීම කරන්නට හැකියාව ලැබුනා. ලංකාවට පමණක් ආවේනික මෙම සත්ව විශේෂය රැක ගැනීම සැම ශ්‍රී ලාංකිකයෙකුගේම වගකීමක්.ශ්‍රී ලංකාවම සැලකුවත් ඉතා අඩු කොටි ගහණයක් තමයි වාර්තා වෙන්නේ.දිවියා නැත්නම් කොටියා සමග පටලවාගන්නා අනිත් සත්ව විශේෂය වන්නේ ව්‍යඝ්‍රයායි (Tiger). ව්‍යාඝ්‍රයන් ලංකාව තුල හමුවන්නේ සත්ව උද්‍යානය තුල පමණයි. බෙංගාලි කොටියා යන නමින් වැරදි ව්‍යවහාරයක් පවතින නිසාත් LTTE සංවිධානය, කොටි සංවිධානය යනුවෙන්  සිංහලෙන් හැදින්වීමට යාම නිසාත් මේ අවුල ඇති වී ඇති බව පැහැදිලියි. ඇත්ත වශයෙන්ම LTTE සංවිධානය හැදින්විය යුත්තේ ව්‍යාඝ්‍ර සංවිධානය විනා කොටි සංවිධානය යන්නෙන් නොවෙයි. එවිට අප ඔවුන්ට , ඔවුන්වත් බලාපොරොත්තු නොවු මේ බිමේ අයිතියක් ආරූඩ කලා වැනියි.කෙසේ වෙතත් කොටි ගැන කතාව දිග්ගැසුනා වැඩි නිසා මෙතනින් ඉදිරියට ඒ ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නෑ.මේ දේවල් ගැන වැඩි විස්තර දැනගන්න කැමති නම් මෙතනින් විකිපිඩීයා  සහය පතන්න පුලුවන්.

           ඔබ කිරිගල්පොත්ත සංචාරයේ යෙදෙන්න බලාපොරොත්තු වෙනවනම් හැකිතරම් උදෙන් ගමන පටන් ගැනිමත් හතර පස් දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් ගමනට සහභාගි කරවා ගැනීමත් ඔබගේ ආරක්ෂාවට වැදගත් වෙයි කියලා හිතනවා.


විවේකයක් ලද විටක


දැන්නම් කට්ටයට හොද ගනන්
        කිරිගල්පොත්ත කදු තරණය අනිත් කදු නැගිම් මෙන් එක දිගට ඉහලට නැගීමට සිදුවන්නක් නොවේ. කන්ද පෙනී පෙනී පල්ලම් බසින්නට සිදුවන අවස්ථාද නැතුවා නොවේ. එවිට පාර වැරදුනාදෝයි සැකයක් ඇතිවිය හැකි වුවත් පාර නිවැරදි බව කිව යුතුය.අපේ සෙට් එකට ගමනේ බාගයක් විතර ආ පසු මගෙන් අහන එකම එක පැනයයි තිබ්බේ. ඒ '' තව දුරද බන්? කෝ බන් දැන්වත් හරිද කියපන්කෝ ? අඩෝ තව නම් යන්න බැ බන්? මොකක්කද බන් මේකේ තේරුම යනවා යනවා ඉවරයක් නැනේ? කෝඩුකාරයෝ 4 දෙනාගෙන් මට ගැලවීමක් නොවීය. ''තව ටිකයි බන්...තව මීටර් 100 ක් උඩට යන්න ඕනේ....'' උබේ ඔය කෙහෙම්මල්  GPS එක විශ්වාස කරන්න බැ..ඒක ගොඩබිම කිව්වොත් මුදනේ පෙන්නන්නේ'' එක එකගේ දුක් අදෝනා ඇනුම් බැනුම් මධ්‍යයේ අප කෙමෙන් කෙමෙන් කදු මුදනට සමීප වෙමින් තිබුනා.ඔටුවා හැමදාමත් මෙන් හයි ස්පීඩ් කදු නැගිමක යෙදෙමින් තිබුනා..මා ඇතුළු අනික් උන්ට උගේ වේගෙන් යන්න රොකට් එකක් අවශ්‍ය බව මගේ අදහසයි. කෙසේ හෝ අවසානයේ කදු මුදුන පේන මානයේ බැවුම අසලට පැමිණිමට පැය දෙකක වෙහෙසකර ගමනකින් පසුව අපට හැකිවුනා.



     දැඩි වෙහෙසකට පත්ව සිටි වැලයා එතනින් ඉදිරියට එකදු අඩියක්වත් තබන්නේ නැති දැඩි ස්ථාවරයක පසුවුනා. කදු මුදුන දක්වා අවසන් මිටර් කිහිපය දෙපසටම බැවුම් වු කුඩා පටු තිරුවක ගමන් කල යුතු වු නිසා වැලයා එතනින් සෙලවීමත් දැඩි ලෙස ප්‍රතික්ෂේප කලා. ඒ වෙලාවේ පැවති දැඩි මීදුම නිසා අවට පරිසරයෙන්ද එක්වුයේ භයංකාර මුසු හැගීමක්. කන්ද ඝන මීදුම් පටලයකින් වෙලා ගෙන තිබුනා. මීදුම තුරන් වු පසු අපේ හර්ෂන මලයා වැලයව ෂේප් එකේ මුදුනට රැගෙන යාමේ වගකිම බාරගත්තා. පොර කැලැපාරකින් මිනිහව භය හිතෙන ඒරියා එකෙන් එගොඩ කලා. වැලයා කදු බඩගැ හැටි මතක් වෙන වාරයක් පාසා අපිට හිනාව නවත්වා ගැනිම අපහසු කර්ත්‍යවයක් වුනා.


දෙපසට බැවුම් වු පටු තීරුව



කදු මුදුනේ අපි සෙට් එක
( වමේ සිට දෙවැනියට සිටින වැලයගේ මුහුණ දැක්කත් හිනා යන් නැද්ද මංඅහන්නේ???)



මීටර් 2395 උසින්.....
මීදුම කෙමෙන් ඉවත් වෙමින්





කිරිගල්පොත්ත කදු මුදුන


පහලට බැවුම් වන කිරිගල්පොත්ත


කදු මුදුනට ඇති අඩි පාර


හරි කෙලින් පහල
(රජා කියනවා වගේ වැටුනනම් තාමත් වැටෙනවා...)





අග්‍රා බෝපත් සහ තොටුපල කදු
(ලගින් පෙනෙන කදු දෙක අග්‍රා බෝපත් ඇතින් පේන්නේ තොටුපල)








කදු මුදුන අනිත් පසෙන්..
         විටක මිදුම සමිපුර්ණයෙන් ඉවත් වී ඉතා පැහැදිලි වටපිටාවක් නිර්මානය කරයි. විටක හාත්පස ඝන මීදුමෙන් වැසී යයි. සිහිල් සුළං රැළි වල පහස ලබමින් අප බොහෝ වෙලාවක් කදු මුදුන මත කල්යැව්වෙමු. දුරදක්නයේ ආධාරයෙන් දන්නා හදුනන් තැන් නිරීක්ෂනය කලෙමු.ඇත්තටම දැනුන හැගීම් වචනයෙන් විස්තර කල නොහැක.ඒ තරම්ම එය රසවත්ය, සුන්දරය.මෙතරම් සුන්දර දර්ශනයක් දැකිමට අප බොහෝ වාසනාවන්තය. ගියවර අප කදු මුදුනට ලගාවන විට හවස 3 පසු වී තිබිණි. එමනිසා කිසිදු දෙයක් දැකගැනිමට ලැබුනේ නැත. ඝන මීදුම හා සීතල අපව වෙලා ගෙන තිබුණි. නමුත් මෙවර ගමන එතරම් කරදර වලට මුහුණපැමට සිදුවුයේ නැත.
     
          දිවා ආහාරයද කදු මුදුනේදිම ලබා ගැනීමට තීරණය විය.  සීරියල් ආහාරයක් හා කිරි එකතුවෙන් අපේ දිවා ආහාරය සැකසිණි. සියල්ලන් සමග ආසාවෙන් රස බැලු ඒ අහර දිව්‍ය භෝජනයකටත් වඩා වටින්නේයැයි සිතේ.







             දිවා ආහාරය ගෙන ස්වල්ප වෙලාවකින් අප කන්ද බැසීමට පටන් ගතිමු. ඔටුවා ප්‍රමුඛ වී ගමන ආරම්භ විය. නැගිමට සාපේක්ෂව බැසිමේදි කකුල් වලට අපහසුවක් දැනුනද ඉක්මනින් ගමන සිදු විය. අපේ අරමුණ වුයේ නාගැනීමට සුදුසු තැනක් සොයා හැකිඉක්මනින් එතනින් නා ගැනීමයි. දවසකට ආසන්න කාලයක් නිදිනොලැබ එක දිගට මහන්සි වී සිටිමත් තවත් දින දෙකක දුෂ්කර ගමන් කාලසටහනක් අප ඉදිරියේ තිබිමත් නිසා  අපට ස්නානයක අවශ්‍යතාව තදින්ම දැනුනි. මහඑළිය තැන්න තුල ජලමුලාශ්‍ර වල දිය නැම තහනම් වුවද අප හට වෙනත් විසදුමක්ද නොවිය.එමනිසා එන ගමනේදි හමුවු දිය පහර අපගේ නාන තොට විය.


       

          වතුරේ උෂ්නත්වය  රින අගයක තිබුනාදැයි සැක සහිතය. වතුර කෝප්පයක් හලා ගන්නා විට මුලුඇගම ගල් වී යන සේය. තත්පර 5ක් වතුරට වී සිටිමට නොහැකිය. එසේ වුවද මෙතුවක් කල් ජීවිතේ නාපු හොදම නෑම නැවේ එදාය. නැමට පෙර තිබු මහන්සිය  නෑමෙන් පසු සොයාගැනීමට නොහැකි විය.ඇත්තටම වතුර ටික නම් එවෙලේ රත්තරන් වලට වඩා අගනේය.

         සවස දෙකට පෙර අපට සංචාරක මධ්‍යස්ථානය කරා පැමීණිමට හැකි විනි.කාර්යාලයේ තබා තිබු බඩු බාහිරාදියද රැගෙන අපගේ කැම්ප් සයිට් එකට යාමට අපි ලහි ලහියේ සුදානම් විය.


කැම්ප් සයිට් එකේ ටෙන්ට් එක අටවාගන්න වින්ද දුක

උදේ පාන්දර ලෝකාන්තය දක්වා ගමන

ලෝකාන්තයෙන් නගරක් ඔස්සේ බෙලිහුල්ඔයට ගිය දුෂ්කර ගමන

මීලග කොටසින් බලාපොරොත්තු වන්න.........


කිරිගල්පොත්තේ අභිරහස සොයා ගිය රජතුමාගේ රජ සටහන පලමු කොටස මෙතනින්
කිරිගල්පොත්ත අභිරහසේ රජ ඇල්බමය මෙතනින්.

ප.ලි.

කිරිගල්පොත්ත කදු තරණය සදහා මාර්ගෝපදේශ ලිපිය මෙතනින්.

මහඑළිය අවට සියලුම මංපෙත් සදහා Lakdasun Trails and Routes මෙතනින් . (ගුග්ල් අරත් හරහා විවෘත වේ.කිරිගල්පොත්ත මංපෙත නිල් පැහැයෙන් දැක්වේ.

කිරිගල්පොත්ත මංපෙතට අදාල GPS දත්ත(Track) මෙතනින්. ( භාවිතා කිරීමට gpx file format එක support කරන GPS උපකරණයක් අවශ්‍ය වේ. අවශ්‍ය නම් ගුග්ල් අර්ත් හරහා විවෘත කල හැක. Google Earth- File - Open (select the file) - Select Ok

45 comments:

  1. අනේ අම්මේ.......මතක් වෙද්දිත් බඩ දගලනවා බං.
    පට්ට පට්ට පට්ටටටටටටටටටටටට :)

    ඉතුරු ටිකත් ලියපන් නිවාඩු දවස් ටිකේ.

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. :D :D උබලා ටික නැත්නම් නෝ හයික් නෝ පෝස්ට් ..තැන්ත්ස් මචෝ මේ ගමනට ආවට..සුභ වේවා!!!

      Delete
  2. මට GPS කිව්වම මතක් උනා සීන් එක.. :P

    සිරාවට ලියල තියනවා අනිත් ටිකත් ඉක්මනට ලියපන් එතකොට රජාගේ එක බලල මේක බලන කොට ආතල්.

    ReplyDelete
    Replies
    1. :D අපේ උන්ට GPS එකේ අගේ තේරුනේ මේ හයික් එකෙන් මානවක..මේ පැත්තට ආවට බොහෙම ස්තුතියි...ඉතිරි ටික ඉක්මනටම දානවා

      Delete
  3. ලිවීමේ රටාව දිනෙන් දින උසස් වන බවක් මට හැගේ. චායාරූප වලින් පෙන්විය නොහැකි සියල්ල ඉතා සවිස්තරාත්මකව දක්වා ඇත. මම එකක් කියන්නම්, පොතක් පළ කිරීමක් දක්වාම, ඔබගේ ලේඛන කලාව දියුණු වන බව නම් සහතිකයි. සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. දිරිමත් කිරිමට බොහොමත්ම ස්තුතියි gim...මගේ ලිවීමේ රටාවේ නම් පොඩි වෙනස්කම් කිහිපයක් කලා පහුගිය පෝස්ට් එකේ ඉදන්..ලිපියක් දිග වෙනකොට වාර්තා ශෛලියෙන් ඔබ්බට ගිය සරල ලිවීමේ ශෛලියක් භාවිතා නොකලොත් කියවන්නාට එපා වෙන්න පුලුවන් නිසයි එහෙම කලේ..තව හදාගන්න දේවල් නම් ගොඩාක් තියෙනවා..වැරදි හදාගෙන හිමින් සැරේ ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව..

      Delete
  4. මමත් 4 සැරයක් හෝර්ටන් තැන්නේ ගියා 3 සැරයක් කදවුරු වල හිටියා. ඒත් 5 පාර තමයි ලංකාවේ උසම කිරිගල් පොත්තයි, තෙවනියට උසම තොටුපල කන්දයි නැග්ගේ...

    වැහි දවස් වල 5-6 දෙනෙකුට වඩා එක පාර යන්න ටිකක් අමාරුයි? මොකද යන පාර ලෙස්සන්න ගන්නවා කදුත් එක්කම. කිරිගල්පෝත්තේ අන්තිම කිලෝමීටරය නම් මීටර් 50න් 50 විතර කදු මුදුන තියනවා වගේ... යනවා යනවා ඉවරයක් නෑ... :D ගොඩක් හොද ලිපියක්...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි...වැහි කාලෙට කිරිගල්පොත්ත යනවා කියන්නේ නම් සෑහෙන්න හිතලා කරන්න ඕන දෙයක්..පාර දිගටම මඩ වෙනවා සමහර තැන් තියෙනවා අඩි බාගයක් විතර යටට එරෙනවා මඩේ..ලිස්සනවා..ඒ වගේමයි මීදුමත් එන නිසා පාරවල් පේන්නෙත් නැ..වැහි කාලෙක මේ වගේ ගමනක් නොයන එක ඇගට ගුණයි... හයික් එකක් හතර පස් දෙනෙක් වත් නැතුව යන එකත් එච්චර හොද දෙයක් නෙමෙයි..හදිසියේ කරදරයක් උනොත් තව දෙන්නෙක් තුන්දෙනෙක් වත් ලග නොහිටියොත් කරකියාගන්න දෙයක් නැතිවෙයි...

      Delete
  5. මමනම් අකුරු ලොකු කරනකන් කියවන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. හයියුුුුු...මම ඔයා වෙනුවෙන්ම පොඩි විජට් කැල්ලක් දැම්මා..ඔන්න උඩින්ම තියෙනවා ''Change Text Size'' කියලා විජට් එකක් ඒකෙන් ට්‍රයි කරලා බලන්නකෝ..

      Delete
  6. නියම චාරිකාව.....අපේ සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුවා..නිවාඩු වෙලාවක ට්‍රයි කරලා බලන්න...

      Delete
  7. ඔබේ සියලු ලිපි මම කියෙව්වා එක හුස්මට. ලස්සනට වැදගත් කරුණු ලියල තියනවා. ඒ වෙනුවෙන ඔබේ කාලය සහ මහන්සිය වෙනුවෙන් බොහොම ස්තුතියි. දිඅගටම ඔබ ආ ගිය තැන්වල තොරතුරු ලියන්න. මේ රටේ සුන්දර සහ වැදගත් තැන් තව බොහෝ ප්‍රමාණයක් දැක බලා ගැනීමට හැකිවේවායි ප්‍රර්ථනා කරනවා. ඒ විස්තර ඔබගේ බ්ලොගයේ සටහන් තැබීමටත් අමතක කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි ප්‍රභාත්..හැකි සෑම විටම ඔයාලා වෙනුවෙන් අලුත් තැනක් ගැන ලියන්න මම උත්සාහ කරනවා..පහුගිය පෝස්ට් කිහිපයකම දෙවන කොටස ලියාගන්න තවම මේ කාර්යබහුලත්වය එක්ක බැරි වුනා..ඒ දේවල් ඉක්මනට සම්පුර්ණ කරන්නත් බලාපොරොත්තු වෙන ගමන් අලගල්ල, උතුවන්කන්ද සහ රේල් හයික් එකක් ගැන අලුත් අත්දැකිමක් ඔයාලත් එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙනවා..දිගටම යන එන තැන් එක්ක රැදි ඉන්න..

      Delete
  8. දීර්ඝ රසවත් විස්තරයක් . ගොඩක් මහන්සි වෙලා තියෙනව ලිපිය ලියන්න . මාත් 3 පාරක් හෝටන් තැන්න ගිහින් තියෙනවා . කඳු තරණයටනම් හරිම කමමැලියි මම .
    …බලමු ඉතිරි චාරිකාවල විස්තරත් .

    ReplyDelete
    Replies
    1. ගොඩාාාාක් ස්තුතියි ගිම් අක්කා..කදු නගින්න කම්මැලි වෙන්ට එපෝ..ඇගට හොදයි ටිකක් මහන්සි වෙන එක හොදේ..ඉතුරු ටිකත් ඉක්මනටම දාන්නම්.

      Delete
  9. රජාගේ තවත් සෙන්පතියෙක්.. ;)
    අර GPS ඒක දැක්කම මටත් හිනා ගියේ රජා කියපු කතාව මතක් වෙලා ලු ඈ ;)

    ReplyDelete
    Replies
    1. :D :D හයියුුු ඔය රජා කියන එව්වා වැඩය ගනන් ගන්න එපා අනේ...මේ පැත්තට ආවට තැන්ක්ස් හොදේ...දිගටම එන්ටෝන හොදේ...

      Delete
  10. Replies
    1. :D :D ඔයාත් දවසක ගෙදර අයත් එක්ක යන්න හිරු..එච්චර අමාරු ගමනක් නෙමෙයි..

      Delete
  11. බොහෝම පැහැදිලිව පිරිසිදුව ලියාපු සටහනක්... ට්‍රේනින් කලේ පට්ටිපොල පැත්තෙන් හෝටන් තැන්නට ඇතුළු උනාට තාමත් මට පුළුවන් උනේ නැහැ ලෝකාන්තය බලන්න යන්න.. අපේ ගමන් යන යාළුවන්ගේ නිවාඩු ප්‍රශ්න හින්දා ගමන මේ ටිකේම කල් යයා තියෙන්නේ.. ඒත් යන්න කලින් මේ විස්තර ටික මෙහෙම දැන ගන්න ලැබීම ලොකු දෙයක්...ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම යන්න..ලෝකාන්තය පැහැදිලිව බලාගන්න නම් උදේම යන්න. උදේ 9 විතර වෙද්දි එතැන ඉන්න පුලුවන්න්ම් හොදටම බලාගන්න පුලුවන්..දවල්වෙන්න වෙන්න මීදුම එනවා..මීදුම අයින් වෙන්න සමහර විට පැය දෙක තුන යන වෙලාවලුත් තියෙනවා..මම මගේ පලවෙනි ලෝකාන්ත ගමනෙදී පැයක් බලන් ඉදලා තමයි ලෝකාන්තය බැලුවේ...කිරිගල්පොත්තත් එහෙමම තමයි උදේම යන තරමට හොදයි...දැනගන්න මොනවහරි දෙයක් තිබ්බොත් පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාන්න..බොහොම ස්තුතියි මේ පැත්තට ගොඩවැදුනට..දිගටම ඇවිත් යන්න එන්න...

      Delete
  12. Replies
    1. අනිවාර්යයෙන්ම. අමතක නොවන සුපිරි ගමනක්....

      Delete
  13. මරු මරු.. නියමයි..
    ජය වේවා.. :D

    ReplyDelete
    Replies
    1. :D ආයෙත් අහලා...නිවාඩු වෙලාවක වෙනසකටත් එක්ක ට්‍රයි කරලා බලන්න..එච්චරම අමාරු ගමනක් නෙමෙයි..ජය වේවා!!

      Delete
  14. නියම වැඩක්...

    ReplyDelete
  15. දැන් හොදා එක හුස්මට කියෙව්ව අකුරු ලොකු කරගෙන. අර අඩවියගේ පෝස්ට් එක බලල කියපු දෙම තම කියන්න වෙන්නේ මටනම් ඊරිසියයි. ලබන ආත්මේ කොල්ලෙක් වෙලා මේ වගේ ගමන් යන්න පින් කොරනවා මේ ආත්මේ

    ReplyDelete
    Replies
    1. ඊරිසියා කරන්ට එපෝ :D :D ...කෙල්ලෙක්ටත් මේ වගේ ගමන් යන්න පුලුවන් ඉතින්..ඒත් ඉතින් ලංකාවේ තියෙන සමාජ ආකල්ප නිසා මේ දේවල් කොල්ලන්ට මේ දේවල් කෙල්ලන්ට කියලා වෙන් කරලා බලන නිසා තමයි ඔය ගැටලුව..කොහොම උනත් කොල්ලෙක් වෙලා ඉපදුන එක ගැන නම් මම ගොඩාක් ආඩම්බරයි..සෑහෙන්න පින් කරලා තියෙන්න ඇති ඒකට...

      Delete
  16. wenada men adat mama niwasin pramada vi pamini bawa siyalu denatama satutin danwa sitimiiiiiiiii.......

    ReplyDelete
    Replies
    1. ඉරිසියාවට කියන කතා ගනන් ගන්න නරකයි...:D:D

      Delete
  17. mචො oya gps eka lk kiyak withara wenwda ebay da gathe lk money walin keyada lassana gamanak lokanthe apith beluwa 15 minit wage thama miduma ambanak

    ReplyDelete
    Replies
    1. මචන් මේක මම ebay වලින් ගෙන්නවා ගත්තේ..මට ගියා 21000 .Device එකේ වටිනාකම ඩොලර් 109 ක් උනේ මෙහෙට ගෙන්නන්න පෝස්ටේජ් එකයි ටැක්ස් වලයි එකතුවෙන් තමයි එච්චර ලොකු ගානක් උනේ..නැත්නම් මේක 14 ක් විතර වෙන්නේ..මම ebay එකෙන් ගෙන්නුවට ඔයාට මම එහෙම කරනන් උපදෙස් දෙන්නේ නැ..හේතුව ඒක කරදර ගොඩාක්..ඔයාට රිස්ක් එක ගන්න පුලුවන්නම් ebay දාන්න.මොකද කලින් GPS ලංකාවේ තහනම්.දැන් නීතිය ගැන නම් මම දන් නැ..කොළඔදි කස්ටම් එකට අහුවුනොත් ගන්න පියවර ගැනත් මම හරියටම දන් නැ..මගේ වාසනාවට මේක පෝස්ට් ඔෆිස් එකේදි අහුවුනේ.ඒක නිසා ෂේප් වෙන්න පුලුවන් උනා..ඇමරිකා වල ඉන්න කෙනෙක් ඉන්නවනම් එයා ලංකාවට එනකොට ගෙන්නගන්න එක තමයි හොදම විදිහ මොකද මේක ලංකාවෙන් ගන්නවනම් 30000 කට විතර කිට්ටුවෙනවා... ලංකාවේ Garmin Dealer ගෙන් ගන්න පුලුවන් ..ලංකාවේ Dealer ගැන විස්තර මේ ලින්ක් එකෙන් ගන්න http://www8.garmin.com/cgi-bin/dealers.pl?country=Sri+Lanka

      Delete
  18. ebay nam genna gane meruwath ape ekek 5000kuth nethi karagatha affa nikamata wage ehuwe affa ubata wage apita ok echara wedagath ne ban apita okak dunoth ara mokada ekata .... dunna wage thama thanks machan wisthara ethuwa dammata

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් මේක අපේ එදිනෙදා කටයුතු වලට භාවිතයට ගන්න පුලුවන් GPS එකක් නෙමෙයි..ඒ කියන්නේ මේක හදලා තියෙන්නේ සාමාන්‍යෙයන් අපිට එදිනෙදා භාවිතයට අවශ්‍ය Turn by turn navigation වලට පාවිච්චි කරන්න නෙමෙයි. GPS වලට හොදම විසදුම තමයි හොද මොබයිල් ෆෝන් එකක් ගන්න එක. ඒකෙන් අපිට ඕන කරන ගොඩාක් දේවල් කරගන්න පුලුවන් ඒත් මොබයිල් ෆෝන් එකක් හයිකින් වලට නම් හරියන් නැ..ebay බඩු ගන්න කොට සැහෙන පරිස්සම් වෙන්න ඕන..හොද සෙලර් කෙනෙක්ගෙන් ගන්නවනම් එච්චර බයවෙන්න දෙයක් නැ..ඒත් GPS, Mobile phone වගේ දේවල් ගෙන්නද්දි නම් දෙපාරක් හිතලා බලන්නම ඕන. ලංකාවේ තියෙන යල් පැන ගිය නීතිත් එක්ක සමහර වෙලාවට ගෙන්න ගත්ත භාණ්ඩය එයාලටම තියාගන්න කියලා දිලා හිතෙන්න පුලුවන් අන්තිමට.ඊට වඩා හොදයි වැඩි ගානක් ගියත් වගකිමක් එක්ක ලංකාවෙන් ගන්න එක.

      Delete
  19. ගොඩක් පැහදිලි සටහනක්.. කියවනකොට යන්නමයි හිතෙන්නෙ... good work ...
    අර camp site wala, camp ගහන්න ඕන දෙවලුත් දෙනවද ?

    ReplyDelete
    Replies
    1. නෑ මචන් එයාලා මොකුත් දෙන්නේ නැ..අපි අරන් යන්න ඕන පිටින්..යනවනම් අගෝසතු සැප්තැම්බර් වගේ සුළග වැඩි මාස මග හැරලා වැහි කාලෙත් මගහැරලා යන්න..යන්න හොදම ජනවාරි ඉදන් මැයි විතර වෙනකම් කාල සීමාවයි..ගෑස් බර්නර් එකක් ඇරෙන්න වෙන කිසිම විදිහක ගිනි දැල්වීමක් කරන්න ඇතුලේ අවසර නැ.පොලිතින් ගෙනියන්න දෙන්නෙත් නැ..ඒ ගැනත් මතකයේ තියා ගන්න..

      Delete
  20. ෙහාද වර්ථාමය ලිපියකි.දැනුමක් ගන්න පු්‍යළුවන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගයානි..මගේ අරමුණත් සාමාන්‍ය ලිපියකින් එහා ගිය දැනුමක් ලබා දෙන වාර්තාවක් ලිවීම..ඔයාලා හැමෝගෙම කමෙන්ට් දැක්කම මගේ අරමුණ සාර්ථක වෙලා කියලා හිතෙනවා.

      Delete
  21. ශා ...නියම ගමනක් ! අපිට ඉතිං ඔහොම ගමනක් යන්න හම්බෙන්නෑ මේ කපේදී
    :(

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රෙහානි..යන්න බැරි කමක් නෑ..මේක එච්චරම අමාරු ගමනක් නෙමෙයි..වෙනසකටත් එක්ක නිවාඩු වෙලාවක මේ වගේ ගමනක් යන්න ට්‍රයි කරලා බලන්න..

      Delete
  22. පට්ටම ගති පෝස්ට් ටික... තව කොහේ හරි පලයන් බන්... අපි උබල යන තැන් බලල සැනසෙන්නම්... අපිට ඉතින් ලබන ආත්මෙ තමා යන්න වෙන්නෙ...

    ReplyDelete