Tuesday, April 24, 2012

හුදකලාවෙ තනි නොවුන වංගු දහය


                    සෑහෙන දවසකට පස්සේ යන එන තැන් ගැන කියන්න ආවත් බතලේගල ගමනින් පස්සේ එක දිගටම වාගේ ට්‍රිප් යන්න හම්බවුනා...ඒ දේවල් ගැන ලියන්න බැරි උනේ ඒ දවස්වල තිබුන කාර්යබහුලත්වය වැඩි හින්දයි...ඒ සුන්දර මතකයන් පුලු පුලුවන් විදිහට බොලොග් අවකාශයට අරන් එන්න මම උත්සාහ කරන්නම්...කැමති කෙනෙක්ට කිරිගල්පොත්ත නැගපු හැටි.... ,  Great memories of GREAT WESTERN Hike සහ  Beauty of GREAT WESTERN ,  මහඑළිය සොබා සැරිය... වගේ ෆේස් බුක් පොටෝ ඇල්බම් වලින් ඒ මතකයන් දැක බලාගන්න පුලුවන්....මේ සංචාර/ කදු නැගිම් බොහොම සුන්දරයි..ලියන්න දේවල් පිටු ගනන් තියෙනවා ඒත් අද මම ඒ දෙවල් ගැන නෙමෙයි ලියන්න යන්නේ ගොඩක් අය අහලාවත් නැති '' වංගු දහය'' ගැන තමයි අද ''යන එන තැන්...'' වෙන් කරන්නේ...
                    මහනුවර ඉදන් මහියංගන බලා දිවෙන දහ අට වංගු මාර්ගය ගැන ගොඩක් අය අහලා තියෙනවා වගේම ඒ වංගු දහ අට පසු කරගෙන ගමන් කරලත් ඇති ඒත් කවදා හරි  වංගු දහය මාර්ගය ගැන ඔබ අහලා තියෙනවද? මම නම් මෙහෙම දෙයක් ගැන අහලාවත් තිබුනේ නෑ ..අවුරුදු නිවාඩුවට මගේ හොදම යාලුවෙක්ගේ ගමේ ඒ කියන්නේ රක්වාන යන්න මට පුලුවන් උනා..රක්වාන රත්නපුරයට ආසන්න නගරයක් කියලා දැන ගෙන හිටියත් කවදාවත් ගිහින් තිබුනේ නම් නෑ..
                    රක්වාන යෑමේ මගේ අරමුණ වුනේ රක්වාන පැත්තෙන් සිංහරාජ කැලේ බලන්න යන එකයි..කොළඹ ඉදන් රක්වාන යන කෙනෙක් A18 මාර්ගයේ ගිහින් මාදම්පේ හන්දියෙන් A17 මාර්ගයේ යන්න ඕන..A17 කියන්නේ මාදම්පේ ,රක්වාන, දෙනියාය හරහා ගාල්ලට ඇති සුන්දර මාර්ගයයි..මට මේ මාර්ගයේ මාදම්පේ ඉදන් සූරියකන්ද දක්වා කොටස බලාගන්න රක්වාන ගමනේදී පුලුවන් උනා...සිංහරාජ ආරණ්‍ය සේනාසනය , හිමිදිරි පෙදෙස ( Morning Side) බලන්න යන කෙනෙක්ට මාදම්පේ ඉදන් ගමන් කරන්න වෙන්නේ මෙන්න මේ A17 මාර්ගයෙයි...මේ ගමනේදි හිමිදිරි පෙදෙස බලාගැනීමට තරම් මා වාසනාවන්ත නොවුනත් නොසිතු පරිදි සිංහරාජ වනාන්තරයේ සුන්දර ඉසව්වක් බලන්නට තරම් මා වාසනාවන්ත වුනා...ඒ ගමනේදි අපිට හමු වු සුන්දර හුදකලා වංගු දහය තමයි මේ..........

A17 මාර්ගයේ රක්වාන සහ සූරියකන්ද අතර හමුවන වංගු දහය

                    රක්වාන ඉදන් සූරියකන්ද දක්වා වු මාර්ගය ඇත්තටම සුන්දරයි...හතරවටින් වට වු උස්වු කදු පන්ති අතරින් දිවෙන මාර්ගය විටක තේ වතු මැදින් ද විටක ඝන කැලෑව මැදින්ද වැටී තිබුනා...ඇත්තම කිව්වොත් මේ මාර්ගය ඔස්සේ ගමන රියදුරන්ටනම් එතරම් ලේසි පහසු කාර්යක් නොවන බව කිවයුතුමයි.. අසීරු වැලමිට වංගු දහයට අමතරව කුඩා වංගු විශාල ප්‍රමාණයකින් මාර්ගය සමන්විත වෙනවා....වංගු දහය පිහිටා තිබෙන පෙදෙස කිසිදු මිනිස් වාසයක් නොමැති හුදකලා කැලැ පෙදෙසක් හරහා වැටී තිබෙනවා..රාත්‍රී කාලයේදි මේ පෙදෙසේ කිසිදු ආලෝකයක් නොමැති බවද පැවසිය යුතුමයි....


වංගු දහය සහිත රක්වාන සූරියකන්ද කොටස....

වංගු දහය 
   
      ඔන්න එහෙනම් අපි දැන් වංගු දහය බහින්නයි ලැහැස්තිය..කට්ටියම සීට් බෙල්ට් දාගෙන ලැහැස්ති වෙනව හොදයි :) :)


දසවන වංගුව




නමවන වංගුව



අටවන වංගුව

ගාල්ලේ සිට කි.මි 120 දුරින්....



හත්වන වංගුව




හයවන වංගුව





පස්වන වංගුව


හතරවන වංගුව


තුන්වන වංගුව

මහන්සිද? එහෙනම් මෙන්න කියාපු තැන....

තෙවැනි වංගුව අසලින් ගලායන සුන්දර දිය දහර....

දෙවැනි වංගුව




පලමුවන වංගුව





       ම්ම්ම් කොහොමද දැනෙන්නේ? මම හිතනවා සුන්දර අත්දැකීමක් වෙන්න ඇති කියලා...මට නම් ඇත්තටම මේක සුන්දර අත්දැකීමක් උනා...වෙනසකටත් එක්ක මේ වගේ පාරකත් දවසක ගිහින් බලන්න..සිංහරාජ ආරණ්‍ය වගේම ඉතාම සුන්දර හිමිදිරි පෙදෙසත් නරඹලා එන්න අමතක කරන්න එපා....හැබැයි ඉතාම පරිස්සමින් රිය පැදවීමට වගේම රාත්‍රී කාලයේ මේ ඉසව්වේ ගමන් නොකිරීමටත් මතක තබා ගැනීම සෑහෙන වැදගත්......

(කතෘ අයිතිය සුරකින්න...අවසරයකින් තොරව කිසිවක් උපුටා ගැනීම තහනම්.)

                       ***පරිසරය සුරකින්න..පරිසරය ඔබ සුරකිනු ඇත.***