මම සහ තවත් මිතුරන් 4 දෙනෙකු (හර්ෂණ හෙවත් කවුරුත් දන්නා අඩවි රජ, අශාන්, හසිත, ගයාෂාන්)දුම්රියෙන් ගාල්ල බලා යාමට පිටත් වුයේ පසුගිය සදුදා උදැසන සුපිරි සංචාරක අතැදැකීමක බලාපොරොත්තු දල්වාගෙනයි.ගාල්ල දුම්රිය පලෙන් බැස හබරාදුව කරා බසයෙන් යාමට සිදු විය. එතැන් සිට නිවසට ප්‍රවාහන පහසුකම් අපේ අතිජාත මිත්‍රයා යෂික විසින් සපයා දෙනු ලැබිනි.පලමු දින සැලැසුම වුයේ කොග්ගල කලපුව ආශ්රිත දුපත් දැක බලා ගැනීම සහ මඩොල් දුව නැරඹීමයි.පලම් දිනයේ සිදුවු සුන්දර අත්දැකීම් අඩවි රජාගේ තෙලිතුඩින් මෙතනින් බලාගත හැක.
දෙවැනි දින සැලසුම වුයේ කන්නෙලිය වනාන්තරයේ සංචාරයයි.උදැසනම ගමනට කතිකා කරගෙන සිටියද විවිධ හේතුන් නිසා ගෙදරින් පිටත් වීමට සිදු වුයේ දහවල් 10 ත් පසුවු තැනය. කන්නෙලිය යාමට සුදානම් වී සිටියද අප අතරින් එකෙකු හෝ සතුව මේ පිලිබද හසල දැනුමක් නොතිබිණි. හරිහැටි පෙර සුදානමක් නොමැතිව පැමිණීම නිසා අපහට නැරීඹිමට තිබු සුන්දර ස්ථාන කිහිපයක්ම මග හැරුණි. එම නිසා කන්නෙලිය යාමට සැලසුම් කරන සංචාරකයින් වෙනුවෙන් කන්නෙලිය වනාන්තරය ගැන හා මංපෙත් ගැන කෙටි හැදින්වීමක් ලිවීමට මට සිත් විය.විවිධ මුලාශ්‍ර හා මාගේ අත්දැකීම් ද පදනම් කොටගෙන පහත සටහන ලියා ඇත.
කන්නෙලිය
රක්ෂිත වනාන්තරය ශ්‍රී ලංකාවේ ඇති ඉතා සුවිශේෂි පරිසර පද්ධතියක් ලෙස හැදින්විය
හැකියි.රක්ෂිත වනාන්තරයක් යනු වන ආඥා පනතේ 3 වන වගන්තිය යටතේ ප්‍රකාශයට පත්කරන ලද වනාන්තර වේ. මේවා පස, ජලය සහ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා වැදගත්වන
වනාන්තර ප්‍රදේශ ලෙස හදුනාගෙන තිබේ. මෙම වනාන්තර තුළ පර්යේෂණ හා සුන්දරත්වය නැරඹීම
හැරුන විට සීමිත සම්ප්‍රදායික කටයුතු සඳහා පමණක් අවසර දී තිබේ.වන සංරක්ෂණ
දෙපාර්තමේන්තූව මගින් රක්ෂිත වනාන්තර
පාලනය වන අතර ශ්‍රී ලංකාවේ සම්පූර්ණ වනාන්තර ප්‍රදේශයෙන් 55% කට ආසන්න ප්‍රමාණයක් කලමනාකරණය කරනු ලබන්නේ
ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි.
කන්නෙලිය
රක්ෂිත වනාන්තරය පහතරට නිවර්තන වර්ෂා වනාන්තරයක් වේ. මෙය කන්නෙලිය- දෙදියගල-
නාකියාදෙනිය සංකීර්ණයට ( KDN complex)
අයත් වෙයි. කන්නෙලිය-
දෙදියගල- නාකියාදෙනිය සංකීර්ණය යනු ශ්‍රී ලංකාවේ ඇති වර්ෂා වනාන්තර කලාපයක් වෙයි.
මෙම කලාපයේ වනාන්තර පහතරට තෙත් කලාපීය වර්ෂා වනාන්තර ලෙස හදුන්වා දෙනු
ලැබේ.කන්නෙලිය- දෙදියගල- නාකියාදෙනිය සංකීර්ණය හෙක්ටයාර 11,900 කින් සමන්විත වේ.ශ්‍රී ලංකාවේ වර්ෂා
වනාන්තර සැලකීමේදී සිංහරාජයට පසුව වැදගත්ම තැනක් හිමිවන්නේ මෙම සංකීර්ණයටයි. කලකට
ඉහතදී කන්නෙලිය වනාන්තරය සිංහරාජය සමග නෙලුව ප්‍රදේශයෙන් සම්බන්ධ වී තිබු බව
කියවෙයි. ගම් බිම් වගාබිම් බිහිවීමත් සමග ක්‍රමයෙන් කන්නෙලිය සිංහරාජයෙන් වෙන් වී
තිබේ.
![]() |
කන්නෙලිය- දෙදියගල- නාකියාදෙනිය සංකීර්ණය ( KDN complex) |
ගාල්ල දිස්ත්‍රික්කයට
අයත්ව උතුරු අක්ෂාංශ 6°10. සහ 6°18. සහ නැගෙනහිර දේශාංශ 80°19. සහ 80°26. අතර
පිහිටා ඇති මෙම වනාන්තරය හෙක්ටයාර 5305 පුරා පැතිරී පවතියි. එයින් හෙක්ටයාර 5108.2
ක් ඝන වනාන්තර වලින්ද හෙක්ටයාර 168.4 විවෘත වනාන්තර වලින්ද හෙක්ටයාර 29.3 වන වගා
වලින්ද සමන්විත වෙයි.1970 ත් 1980 කාල
සීමාවේදි මෙම වනාන්තරයේ තිබු විශාල ගස් වලින් බොහො ප්‍රමාණයක් දැව සංස්ථාව මගින්
තුනී ලෑලි සදහා කපා දමා තිබේ.එම නිසා මෙම වනයේ ජෛව විවිධත්වයට සිදුවු හානිය සුළු
පටු නොවේ.
කන්නෙලිය වනාන්තරය ඇතුලත් ප්‍රදේශයට
සාමාන්‍යයෙන් වාර්ෂික වර්ෂාපතනය මි.මි. 4.445 වාර්ථා වෙයි.වැඩිම වාර්ෂාපතයක් මැයි
මාසය මැද භාගයේ සිට සැප්තැම්බර් මස අවසානය දක්වා
පවතින නිරිතදිග මෝසම් දේශගුණය මගින් ලැබේ.මෙම වනාන්තරය තුල පවතින මධ්‍ය
වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් 27 පමණ වේ.මෙම වනාන්තරය සතුව පවතින දිය පහරවල් 110 කට
වැඩි ප්‍රමාණයක් දැනට හදුනාගෙන ඇති අතර එබැවින් මෙම කලාපය දකුණු පලාතේ පවතින
වැදගත් ගංගා පෝෂක ප්‍රදේශයක් ලෙස නම් කර ඇත.
කන්නෙලිය
වනාන්තරය තුල සිදුකරනු ලැබු පරීක්ෂණයකට අනුව ශාක , පදුරු හා පැලැටි වර්ග 301 හදුනාගෙන ඇති අතර එයින 52% ක ප්‍රමාණයක් ආවේනික විශේෂ වේ.මෙම විශේෂ අතරින් විශේෂ 16 ක් අන්තර්ජාතිකව වදවී යාමේ තර්ජනයට මුහුණ
පා ඇති අතර විශේෂ 26 ක් ජාතික වශයෙන් වදවී යාමේ තර්ජනයට මුහුණ
පා ඇත.වනාන්තරය තුල ඹෟෂධ ශාක වර්ග රාශියක් හමුවේ. ඒවා අතර බෙරලිය, වෙනිවැල්, එනසාල්, කුඩා හැඩයා, මහා හැඩයා,
සදරාජ , වනරාජ, කොකුම්, දුම්මල,
හාතාවාරිය යන ශාක මුල් තැනක් ගනියි.
වනාන්තරය තුල සත්ත්ව විවිධත්වය සැලකීමේදී පක්ෂි විශේෂ 122ට වැඩි ප්‍රමාණයක් දැනට වාර්තා වී ඇත.ඒ අතර
ශ්‍රී ලංකාවට ආවේනික දුර්ලභ පක්ෂි විශේෂ
දෙකක් වන බට ඇටි කුකුළා සහ කැහිබෙල්ලා ද දැකගත
හැකිය.ශ්‍රී ලංකාවට ආවේනික කළු වදුරා සහ මීමින්නා ඇතුලුව ක්ෂීරපායින් ව්ශේෂ 20 ක් මෙම වනාන්තරයේදි හමුවේ.වනාන්තරය තුල
වාර්තා වන උභය ජීවි විශේෂ සංඛ්‍යාව 19 කි.මෙයට ආවෙනික රුක් මැඩියන් විශේෂද අයත් වේ. උරග විශේෂ 39 මෙම වනාන්තරයේ හමු වී ඇති අතර, ශ්‍රී ලංකජවට ආවෙනික පළා පොළගාද මේ අතර වේ.මීට අමතරව ශ්‍රී ලංකාවට ආවෙනික මහ
කැලැ නිලයා ඇතුළු සමනළ විශේෂ 40 ක්ද මත්ස්‍ය
විශේෂ 24 ක්ද වාර්තා වී
ඇත.අන්තර්ජාතික වශයෙන් වදවී යාමේ තර්ජනයට මුහුන පා ඇති පතිරණ සාලයා සහ විල්පිට
දන්ඩියා යන මත්ස්‍ය විශේෂයන්ද සුලභ ලෙස දැකිය හැකි ඉස්සන් ද මෙම වනාන්තරයේ වාසය
කරයි.
ගුහාව මංපෙත - දුර ප්‍රමාණය කිලෝමීටර 1.5 - ගතවන කාලය පැය 01යි.
අනගිමල ඇල්ල
මංපෙත - දුර ප්‍රමාණය කිලෝමීටර 2.3 - ගතවන කාලය පැය 03යි.
යෝධ පුස්වැල
මංපෙත - දුර ප්‍රමාණය
කිලෝමීටර 2.3 - ගතවන කාලය පැය 03යි.
යෝධ නවඳගස
මංපෙත - දුර ප්‍රමාණය
කිලෝමීටර 5.2 - ගතවන කාලය පැය 03යි.
නාරංගස් ඇල්ල
මංපෙත - දුර ප්‍රමාණය කිලෝමීටර 5.2 - ගතවන කාලය පැය 06යි.
කබ්බලේ කන්ද
මංපෙත - දුර ප්‍රමාණය කිලෝමීටර 5.5 - ගතවන කාලය පැය 06යි.
සැලසුම් අංක 1
- ගුහාව මංපෙත + අනගිමල ඇල්ල
මංපෙත + යෝධ පුස්වැල මංපෙත - කාලය පැය 03යි.
සැලසුම් අංක 2
- සැලසුම් අංක 1+ යෝධ නවඳගස මංපෙත
+ නාරංගස් ඇල්ල මංපෙත- කාලය පැය 06යි.
සැලසුම් අංක 1 සදහා ප්‍රවේශපත්‍ර වල මිලට අමතරව රුපියල් 300 ක මාර්ගෝපදේශ ගාස්තු ගෙවිය යුතු වෙනවා.
සැලසුම් අංක 2 හෝ 3 සදහා ගෙවිය යුතු එම මුදල මාගේ මතකයට අනුව
රුපියල් 600 කි.සංචාරය
අතරතුර කිසිදු දිය ඇල්ලකින් හෝ ජල මුලාශයකින් ස්නානය තහනම් වන අතර සංචාරය අවසානයේ
සංරක්ෂණ මධ්‍යස්ථානයට මදක් ඔබ්බෙන් පිහිටි පිරිසිදු ස්වභාවික ජල තටාකයෙන් නිදහසේ
නාගැනීමට අවස්ථාව සලසා තිබේ.සංචාරය සදහා කිසිදු ආකාරයක මත්ද්‍රව්‍ය හෝ දුම්වැටි
රැගෙන ඒම සපුරා තහනම්ය. ගමන්මලු හා බඩුබාහිරාදිය සංචාරයට පලමුව කාර්යාලයට බාරදී
අවශ්‍යම කරන දේවල් පමණක් රැගෙන යාමට අවසර තිබේ. අහාර ද්‍රව්‍ය ගෙන යා හැකි වුවද
පොලිතින් භාවිතය අවම කිරිමට උපදෙස් ලබා දේ.කිසිදු ආකාරයක ඉවතලන අමුද්‍රව්‍යයන්
පරිසරයට බැහැර කිරීමද සපුරා තහනම්ය.සංචාරය සදහා උපදෙස් පහත පුවරුවේ සදහන් වේ.